Pages

Subscribe:

Sunday 18 September 2016

පුස්සැල්ලාව ස්ථානාධිපති මාරු කරන්නැයි දිගම්බරම් ඉල්ලයි

පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා හට තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් අද(18) දහවල් සිට නුවර  - නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණි.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණි.

විරෝධතාකරුවන් සිටි ස්ථානයට පැමිණි අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තෙක් පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

0 comments:

Post a Comment

 
Blogger Templates