Pages

Subscribe:

Sunday 14 August 2016

බලෙන් සම්මත කල පනතේ කෙස් කෙලින් වෙන මහ භයානකකම විමල් කියයි..

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලද අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය  පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අදහස් පල කලේ මෙසේය.

රනිල් තමන්ට ලැබෙන්න තිබූ ජනාධිපතිකමයි මෛත‍්‍රීට දුන්නේ.. එජාපය අවුරුදු 20ක් ආණ්ඩු කරනවා..

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති ධුරය දරන්නේ තමනට හිමිවිය යුතු ජනාධිපති ධූරය කැපකර බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

පසුගිය මැතිවරණයේදී  මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් වැඩිම දායකත්වයක් දුන්නේ එජාපය බවද කී ඔහු අද ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ එජාපයේ ගොවි ජනපද තුළින් බිහිවූ නායකයෙකු බවද ඔහු කියා සිටියේ කඩුවෙල පැවති ජනහමුවක් අමතමිනි.

එක්සත් ජාතික පක්‍ෂය තවත් වසර 20ක් ආණ්ඩු කරන බවත් එම කාලයේදී රටේ සංවර්ධනය ඉහල දමන බවද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

උණුසුම්වූ පාර්ලිමේන්තුව කල්තැබෙයි!

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ කළු පටි පැළඳ විරෝධතා දැක්වීමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව කල්තබා තිබේ.

අතුරුදහන්වූවන් පිළිබඳ නව මහලේකම් කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වන පනත හදිසියේ ගෙන ඒමට එරෙහිව  ඒකාබද්ධ විපක්ෂය විසින් මෙලෙස විරෝධය දැක්වූ බව සඳහන්ය.

මෙම කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලෙස කරුණු දක්වමින් විවාදයට සහභාගිවීමට අවස්ථාව උදාකළ යුතු බවත්, මෙහි අහිතකර කරුණු අන්තර්ගතව පවතින බැවින් ඒවා පිළිබඳව දීර්ඝව සාකච්ඡාවක් සිදුවිය යුතුව ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ.

පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටවූ කථානායකවරයා පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

අමතර කොටස් අතර සඟවා ගෙනා ප්‍රාඩෝ රිය අල්ලයි

රුපියල් කෝටි 03ක (ලක්ෂ 300) වටිනාකමින් යුත් ප්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගී වාහනයක් හා කොටස් කළ තවත් වෑන් රථ තුනක් ඊයේ (10) රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයකු ජපානයේ සිට නීති විරෝධී අයුරින් මෙම වාහන ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා පැවැසීය. ඉකුත් මැයි මස 27 වැනි දින ජපානයේ සිට පැමිණි 'කොරින්තියාකොස්' නමැති නෞකාවේ සිට ගෙන්වන ලද මෙම වාහන අතර, සුසූකි ඊවරි වෑන් රථයක්, නිසාන් වැනට් වෑන් රථයක් හා තවත් නිසාන් වෑන් රථයක් බහාලුමේ සඟවා මෙරටට ගෙන්වා තිබිණි. මාස දෙකක පමණ කාලයක් ග්රෑන්ඩ්පාස් හි 'ග්රේ ලයින්' 2 බහාලුම් පර්යන්තයේ රඳවා තබාගෙන පරීක්ෂණ කළ රේගු නිවාරණ අංශ නිලධාරීහු ඊයේ (10) මාධ්‍ය ඉදිරියේ මෙම කන්ටේනර් බහාලුම විවෘත කළහ.
මෙසේ දීර්ඝ කලක සිට වාහන අමතර කොටස් ගෙන්වන මෙම ව්‍යාපාරිකයා හා තවත් වාප්පු ලිපිකරුවකු මේ වන විටත් රඳවා තබා ප්‍රශ්න කරමින් සිටින අතර, පරීක්ෂණ කටයුතුවලින් පසු වාහන රාජසන්තක කිරීමට පියවර ගන්නා බව 'දිනමිණ' කළ විමසුමක දී ධර්මසේන කහඳව මහතා පැවැසීය.
රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ නන්දසිරි වාසලතිලක මහ‍තාගේ මූලිකත්වය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී. ආර්. ලක්ෂ්මන්, රේගු අධිකාරී ජයසේකර යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් දීර්ඝව පරීක්ෂණ සිදු කරති.

ආසියාවේ අභිමානය ඔබයි.. ඔබේ ආරක්‍ෂාව මා පුද්ගලිකව සොයා බලනවා.. – කොරියානු අගමැති කියයි…

ආසියාවේ අභිසානය ලොවට රැගෙන යාම සම්බන්දයෙන් හිටපු ජනාදිපති මහින්ද රාජපක්‍ෂ මහතා කල කාර්ය සම්බන්ධයෙන් කොරියානු අගමැති පංක්යෝ අන් මහතා සිය ප‍්‍රසාදය පල කර තිබේ.

ඔහු මෙසේ  සඳහන් කර ඇත්තේ මේ දිනවල කොරියාවේ නිල සංචාරයක යෙදෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.

හිටපු ජනාදිපතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තමන් පෞද්ගලිකවම සොයා බලන බවද කොරියානු අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

ශ‍්‍රි ලංකාව ආර්ථික වශයෙන් පරිහානියට පත් නොවීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීම ගැන හිටපු ජනාධිපතිවරයා එහිදී කොරියානු අගමැතිවරයාට සිය ස්තුතියද පල කර ඇත.

Saturday 13 August 2016

වික්‍රමසිංහගේ මොළයේ කිදා බැස ඇති දේ… ඉඳුරුවේ ආචාරියාට වූ දේ.. – විමල් කියයි

වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආකාරයෙන් ඔප්පු වන්නේ මේ ආණ්ඩුව රාජ්‍ය පාලනයේ ‘අ’ යන්න, ‘ආ’ යන්න හා ‘ඇ’ යන්න යන කිසිවක් නොදන්නා බව යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 08හි පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

Friday 12 August 2016

යලි නිවැරදි කල නොහැකි ජාතික අපරාධයක් අද සිදුවෙයි…

 අද දිනයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්
 කෙරෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ
 කර්යාලය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත
 සම්මත වීමට පෙර ඒ ගැන ශ්‍රේශ්ඨාධිකරණයෙන්
 මතය විමසන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයා
 වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

ශ‍්‍රී ලන්කන් ගමන නිමයි.. පාකිස්තාන ගුවන් සේවයේ සලකුණ පින්තාරු කෙරේ..

පාකිස්තානයට විකුණා දමන ලද ශ‍්‍රි ලන්කන් සමාගම සතුව තිබූ ගුවන් යානා තුන පාකිස්තාන ගුවන් සේවයේ සලකුණු යොදා වර්ණ ගැන්වීමට නියමිතය.

එම යානා තුන ඉදිරියේදී ලන්ඩන් හා ඉස්ලාම්බාද් අතර ගමන් කරවීමට යයි.

සර්පයන්ගේ ‘එක්ස්පර්ට්‘ වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්

ගාල්ල වක්වැල්ල පාරේ වාසය කළ අමල් කිත්රුවන් විජේසේකර නමැති 46 හැවිරිදි සර්පයන් පිළිබඳ ලංකාවේ නමක් දිනූ පරිසරවේදීයා අවාසනාවන්ත ලෙස සර්පයෙකු දෂ්ඨ කර මියයාමේ සිදුවීමක් වාර්තාවෙනවා.

අවිවාහකයෙකු වන ඔහු දෙමාපියන් සමග පදිංචිව සිටියේය.

සිදුවීම පිළිබඳ ඔහුගේ පියා මෙසේ කියා ඇත.

‘මියගොස් ඇත්තේ 
මගේ වැඩිමහල් පුතා.

මට පුතාල දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා.

 පුතාට අසනීපයක් නැහැ.

විනෝදයට සර්පයන් ඇති කරනවා.

 නිවසේත් සර්පයන් ඉන්නවා.

 ඉකුත් 02 වැනි දින රාත‍්‍රි පුතා ගෙදර හිටියා.

 පසුදින උදැසන ඉස්සරහ ගෙදර දුව ඇවිත් කිව්වා අමල් අයියා ගෙදර ඉස්සරහ ගේට්ටුව ළඟ වැටිලා ඉන්නවා කියලා. මම එතනට ගියා. පුතා මුණින් අතට වැටිලා හිටියා.

ඇඟට අත තියා බැලූවා. ඇඟ සීතල වෙලා තිබුණා. කතා කළේ නැහැ. පසුව මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.

මියගිය පරිසරවේදියා විනෝදයට නිවස තුළ සර්පයන් ඇති කරන අයෙකි.
 
මොහු මියගොස් ඇත්තේ සර්පයකු දෂ්ඨ කිරීමෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
 
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මියගිය අමල් ගේ අවසන් කටයුතු පසුගිය 5 වනදා සිදු කෙරිණි.

ඔහු ගැන ෆේස් බුක්හි තැබුණු සංවේදී සටහනක් පහතින්

‘නයි විෂ නිසා ඔබ මියගියා යැයි කෙසේනම් අදහන්න ද ?

ගාල්ලේ අලූත්පාර කවදාවත් පරණවෙන්නේ නැත.

අලූත්පාරේ තවත් අපූරු චරිතයක් සිටියේය.
 ඒ අමල් අයියාය
අමල් අයියා අලූත්පාරේ ටේ‍්‍රඞ් මාක් එකය. මා අමල් අයියා දන්නේ 10-11 පන්තියේ සිටිය දීය.ඒ සත්තු අල්ලන්නකු ලෙසිනි.

ගාල්ලේ සර්පයකු සිටීනම් අපට එකළ මතක් වූයේ අමල් අයියාය.

ගාල්ලේ කොහේ හෝ නිවසකට සර්පයකු රිංගා ඇතැයි කියූ විට ඒ සතා අල්ලා කැලයකට ගෙන ගොස් දැමීමට අපේ බොහෝ දෙනකු කටයුතු කළහ.

අමල් අයියා අලූත් පාරේ ට‍්‍රේඞ් මාර්ක් එකක් වූයේ මේ කටයුත්තෙනි.

ඔහු තරම් සර්පයන් අල්ලන්නට දක්ෂයකු දකුණේ සිටියේ නැතැයි මම සිතමි.

නයි ඇතුළු විසකුරු සර්පයන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පවා මග අරිද්දී අමල් අයියා උන් අල්ලා ජීවිතය බේරා වනයට මුදා හැරියේය.

මේ නිසා ඔහු විසින් ඉවත්කරන නයි ඇතුළු සර්පයෝ ඔහුගේ කාමරයේ ද නිවසේ තැන තැන ද කූඩුවල සිටියහ.

මේ සර්පයන්ට කන්න බොන්න දී රැකබලා ගැනීම ද අමල් අයියා කළේය.

සාදයක් පවත්වා අඟහරුවාදා රාත‍්‍රියේ නිවසට ආ අමල් අයියා නයකුගේ දුක සැප බලා ඇතැයි අනුමානයයි.

ඒ තිරිසන් සතා මේ මිනිසා අදුනන්නේ නැත.

තම ජීවිතය රැකුණේ මේ අපූරු මිනිසා නිසා යැයි ඌ දන්නේ නැත.

ඒ නිසාම තම පෙනය පුප්පා දෂ්ඨ කරන්නට ඇත.

අවසානයේ සිදුවූයේ නයි අල්ලා නයින්ටත් මිනිසුන්ටත් සැනසුම උදා කළ අපූරු මිනිසා
නයකුගේ දෂ්ඨනයෙන් මිය යාමයි.

අමල් අයියේ ඔබේ සමු ගැනීම වේදනාත්මකය.දරාගත නොහැකිය.

උඹ පැතූ ලෝකය උඹට උදා වූයේ නැති බව මම දනිමි.

සිය ගණනක් සත්ත්ව ජීවිත බේරූ උඹ පින් රැස් කරන්නට ඇති අපටත් වඩා.....’ 


 
 

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා දරුවා නැති වුණා

 
 
 
දරුවා අපිට නැතිවුණේ නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ වරදින්. මගේ ළඟ සියලුම වෛද්‍ය සහතික තිබෙනවා. මම මේ සම්බන්ධයෙන් රෝහ‍ලේ ඉන්න ඒ වෛද්‍යවරුන්ට විරුද්ධව දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය පියවර අරගන්නවා. ඒ මොකවත් නිසා නොවෙයි මගේ අහිංසකයාට වුණු අසාධාරණය තවත් මේ රටේ අහිංසක දරුවකුට  සිදු නොවෙන්නයි. ඇයි ඒ උදවිය අහිංසක ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ. යැයි කළුතර නාගොඩ රෝහ‍ලේ අවස්ථා කිහිපයක් නේවාසිකව සිට ප්‍රතිකාර ලැබූ බෙන්තොට ගෝනගලපුර හේනෙගෙවත්තේ ජීවත් වූ වයස අවුරුදු 09 ක කුඩා දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධව දරුවාගේ පියා එසේ පැවසීය.
විශ්ව අයෝෂ නෙත් කැළුම් හේමචන්ද්‍ර සිසුවා ගෝනගලපුර නවෝද්‍යා පාසලෙහි හතරවැනි වසරෙහි අධ්‍යාපනය ලැබුවේය. සංජිව හේමචන්ද්‍ර සහ අයෝධ්‍යා විජේමාලි යන දෙමාපියන්ගේ බාල දරුවා මෙලෙස මියගොස් ඇත. ඔහුට වැඩිමහල් 12 හැවිරිදි සහ 17 හැවිරිදි සහෝදරියන් දෙදෙනෙකි.
දරුවාගේ පියා වන සංජීව හේමචන්ද්‍ර තවදුරටත් මෙසේ පැවසීය.
මගේ දරුවාට එහෙම අසනීපයක් තිබුණේ නැහැ. හිටි හැටියෙම තමයි දරුවා කිව්වේ ඔලුව රිදෙනවා කියලා. අපි ගෝනගලපුර රෝහලෙන් ප්‍රතිකාර ගත්තා. එහි වෛද්‍යවරු අපට කිව්වා දරුවාගේ රෝගී තත්ත්වය අනුව දරුවාට සුෂුම්නාව හා මොළය සම්බන්ධව අසනීපයක් තිබෙන බව පේනවා. කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන්න කියලා. අපි ඉකුත් මැයි 06 දා නාගොඩ රෝහ‍ලේ 10 වැනි වාට්ටුවට ඇතුළත් කළා. එම රෝහ‍ලේ ළමාරෝග විශේෂඥ වෛද්‍යවරිය කිව්වා දරුවාට නිදි උළුක්කුවක් වගේ තියෙන්නේ කියලා. මගේ බිරිඳ ඒ අවස්ථාවේ කිව්වා ගෝනගල රෝහලෙන් කිව්වේ සුෂුම්නාව හා මොළය සම්බන්ධ තත්ත්වයක් වගේ කියලා. එවිට ඔයාලා එනවද මට උගන්වන්න කියලා දොස්තර නෝනා මගේ බිරිඳට බැන්නා. අපි නිහඬ වුණා. පසුව දරුවා ගෙදර ආවා. නැවතත් ජූනි මස 22 දා එම රෝහලට ඇතුළත් කළා. එහිදී තවත් විශේෂඥ වෛද්‍යවරියක් ප්‍රතිකාර කළා. ඔවුන් කිව්වෙත් ඒ වගේම දෙයක්. දරුවා හිස බදාගෙන කෑගහන විටත් වෛද්‍යවරුන් කිව්වේ නිදි උළුක්කුව කියලා. පැරසිටමෝල් දීලා බාම් ගාලා අතගෑවා ඒ අය.
පසුව අපි එම වෛද්‍යවරිය වෙත පුද්ගලිකව මුදල් ගෙවලා දරුවා පෙන්නුවා. එවිට ඇය කිව්වා රෝහ‍ලේ ප්‍රතිකාර ලැබුව වාර්තාව බලලා දරුවාගේ ස්නායුවල ප්‍රශ්නයක් කියලා. එහිදී එම වෛද්‍යවරිය දින 07 කට දරුවාට බෙහෙත් දුන්නා. දරුවා 06 වැනි දවසේ සිහි මුර්ජා වෙලා වැසිකිළියේ වැටුණා. අපි නාගොඩ රෝහලට රැගෙන ගියා. ඒ වැටෙන විට පාන්දර 6.10යි. අපි පෙ.ව. 7.00 ට විතර රෝහලට ඇතුළත් කළා. පසුව වෛද්‍යවරු බෙහෙත් දුන්නා. දරුවා දඟලනවා, කෑ ගහනවා අපට බලාගෙන ඉන්න බැහැ. ඒත් ඒ අය කිසිම දෙයක් ගණන් ගත්තේ නැහැ. පසුව ඔවුන් කොළඹ මහ රෝහලට යවන්න තීරණය කළා. ඒත් පාසල් ඇරිලා රථවාහන තදබදය කියලා සවස 2.00 වනතුරු දරුවාව කොළඹ නොයවා බලාගෙන හිටියා.
මම කියන්නේ ඒ ප්‍රමාද කළේ ඒ අය දරුවාට දීපු බෙහෙත් නියම අසනීපයට දීපු ඒවා නොවන නිසා ඒවා ශරීරයේ දියවන තුරු සේලයින් දීම නිසයි. නාගොඩින් සී.ටී. ස්කෑන් එකක් අන්තිම මොහොතේ කළා. ඉන්පසු කිව්වා මොළයේ ‍ලේ කැටි දෙකක් තියෙනවා කියලා.
පසුව කොළඹ යනවිට සවස 5.30යි. ඒ වනවිට ගිලන් රථය වැල්ලවත්තේදී ක්‍රියා විරහිත වුණා. පසුව මහ රෝහලින් ගිලන් රථයක් රැගෙනවිත් දරුවා අරන් ගියා. ඒ ගිය ගමන් සී.ටී. ස්කෑන් එකක් කළා. කුඩා ශල්‍යකර්මයක් කරලා ඊ.වී.ඩි. එකක් දැම්මා. දරුවාගේ රෝගී තත්ත්වය ටිකක් අඩුවුණා. පසුව කොළඹ පුද්ගලික රෝහලකින් ඩී. එස්. ඒ. පරීක්ෂණය කළා. එම රෝගී පරීක්ෂාවෙන් පසුව මහ රෝහ‍ලේ බණ්ඩාරනායක ගොඩනැගිල්‍ලේ 12 වාට්ටුවේ සිටි වෛද්‍ය ජයන්ත ලියනගේ මහතා, වෛද්‍ය හපුආරච්චි මහත්මිය යන අය විශාල උත්සාහයක් අරන් ශල්‍යකර්මය සිදුකළා. ඒ ජුනි 30දා. පසුව ජුලි 01 දා දරුවාට සිහිය ආවා. ඔපරේෂන් එක සාර්ථකයි කියලා වෛද්‍ය ජයන්ත මහතා කිව්වා. දින 26 ක් යනතුරු දරුවා හොඳින් හිටියා. මැෂින් ගැලෙව්වා. කිසිම අපහසුවක් තිබුණේ නැහැ. නමුත් දරුවාට සෙම ගතිය වගේ තිබුණා. ජුලි 26 දා නැවත දරුවාට අසනීප වුණා. 28 දා නැවත ඔපරේෂන් කළා. ජුලි 05 දා දක්වා මැෂින් එකෙන් දරුවා ජීවත් වුණා. එදින අලුයම 3.30ට පමණ දරුවා නැතිවුණු බව අලුයම 5.30 ට රෝහලින් ආපු දුරකතන ඇමතුමෙන් දැන්වූවා. අපේ ජීවිත ගමන නතර කළා වගේ අපට හැඟුණා.
අපට ගෝනගල රෝහ‍ලේ සහ කොළඹ මහ රෝහ‍ලේ වෛද්‍යවරු ගැන කිසිම සැකයක් නැහැ. ඒ අය ඒ අයගේ කැපවීම උපරිම ලෙස කරලා දරුවා වෙනුවෙන් කළ හැකි හැමදේම කළා. නමුත් කළුතර නාගොඩ රෝහ‍ලේ වෛද්‍යවරුන් කළ නොසැලකිලිමත් වෛද්‍ය ප්‍රතිකාර නිසා මගේ දරුවා මට නැති වුණා.
දර්ශන කරුණාරත්න බෙන්තොට ඉඳුරුව වාර්තාකරු
 
 
 
 

Thursday 11 August 2016

පෝට් සිටිය නැවැත්තුවේ ඉන්දීය බලපෑමටයි.. – රාජිතගේ කටින් පනී..

ගිය රජය විසින් වැඩ 
ආරම්භ කර කොලඹ ගාළු 
මුවදොර ඉදිකරමින් තිබූ 
වරාය නගරය නව රජය
 විසින් අත්හිටුවනු ලැබුවේ
 ඉන්දීය විරෝධය නිසා බව
 ඇමති රාජිත සේනාරත්න
 මහතා කොලඹදී පැවති
 මාධ්‍ය හමුවක් අමතමින්
 කියා සිටියේය. 



එදිනෙදා වියදමට ෆොන්සේකා ලක්‍ෂ 5900ක් ඉල්ලයි.. පාර්ලිමේන්තු අනුමැතිය සූදානම්..

ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ධුරය හා අමාත්‍යංශ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 59ක් අනුමත කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට පරිපපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතාලක මහතා විසින් ඊයේ දින ඉදිරිපත් කර තිබේ.

මෙම පනත ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවේදී සම්මත වීමට නියමිතය. ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් මේ වන තෙක් නිසි ලෙස විෂය බෙදීමක් සිදුව නැති අතර ඊට අයත් ආයතනයන්ද වෙන් කර දී නැත.

ෆොන්සේකා මහතා ඇමති ධුරයේ දිවුරුම් දී මාස ගණනකට පසුව මෑතකදී අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියෙන් ගොඩනැගිල්ලක් කුලියට ගනු ලැබින.

ඒකාබද්ද විපක්‍ෂය දකුණු පළාත් සභා බලය අල්ලයි.. සුළුතර මහ ඇමති ෂාන් විජේලාල්ට ධුරය අහිමි වෙයි…

දකුණු පළාත් සභාවේ බහුතරය අහිමි වීම නිසා මහ ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතාට තව දුරටත් මහ ඇමති ධුරයේ කටයුතු කල නොහැති තත්වයකට පත්ව තිබේ.

පළාත් සභාව තුල සන්ධාන මන්ත‍්‍රී ධුර 33ක් ඇති අතර ඉන් 27ක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ එක් මන්ත‍්‍රිවරයෙක් සමගින් මන්ත‍්‍රීවරුන් 28ක් ඒකාබද්ද විපක්‍ෂයට සහාය දැක්වීමට තිරණය කර ඇති බව පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ අනුව මන්ත‍්‍රී ධුර 55ක් ඇති දකුණු පළාත් සභාවේ බහුතරය මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය සතුව ඇති අතර මහ ඇමතිවරයාට තම ධුරය රැකගැනීමට නම් එජාප සහාය පමණක් ප‍්‍රමාණවත් නොවෙයි. ජවිපෙ මන්ත‍්‍රී ධුර 05 බොහෝ විට ඉදිරි අයවැයේදී හෝ මුදල් පනතකදී පක්‍ෂ නොවීමේ ඉඩකඩ වැඩි නිසා මහ ඇමතිවරයාට තව දුරටත් තනතුරේ රැදී සීටීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

අභාවප්‍රාප්ත වූ විජය නන්දසිරි මහතාගේ දේහය නිවසට

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය අද දහවල් ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ආවා. ඒ අවස්ථාවට කලා කරුවන් රැසක්ද එක්ව සිටි අතර විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු11වන (බ්‍රහස්පතින්දා) දින සිදු කිරීමට නියමිතයි. දේහය නිවසට රැගෙන ආ අවස්ථාවේදී ගත් වීඩියෝවක් පහතින් බලන්න.

2016-08-09

විජය නන්දසිරි පෙරේදා රඟපෑ අපූරු ප‍්‍රහසනය මෙන්න.. ‘අලූත් හොරෙක් ඕනෑ’

ඊයේ දිනයේ අභාවප‍්‍රප්ත වූ ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා පෙරේදා දිනයේද සිය අලුත්ම වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදී තිබේ.

‘අලූත් හොරෙක්  ඕනෑ’ නවතම වේදකා නාට්‍ය ඔහු අවසන් වරට රංගනයේ යෙදුනු නාට්‍ය විය.
ඔහුගේ අවසන් වේදිකා නාට්‍යයේ දර්ශණකි මේ.


තරුණිය සියළු දේ පෙම්වතා වෙනුවෙන් පරිත්‍යාග කරලා

දුරකතනයෙන් වූ කතාබහකින් පසු හඳුනාගත් දාහත් වියේ පසුවන ළාබාල තරුණියක රවටා ඇය කොළඹ ගෙන්වා ගෙන ඇයව අපචාරයට ලක්කොට පලා ගිය ජංගම දුරකතන පෙම්වතකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලිසිය කීය. මෙසේ අතවරයට පත්වී ඇත්තේ දංකොටුව පොලිස් වසමේ ගමක ජීවත් වන තරුණියකි. ඇගේ පියා පළාත් පාලන ආයතනයක සේවය කරන අතර ඇය සිය පාසල් අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල් කර ගෙන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක මැහුම් සේවිකාවක ලෙසින් සේවයට ගොස් ඇති බව කියයි.
දිනක් ඇගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් පැමිණ ඇති අතර පසුව ඒ කවුදැයි දැන ගැනීම පිණිස ඇමැතුමක් ගත් විට මිස් කෝල් එක දුන් තැනැත්තා තමා අතින් නොම්බරය වැරැදුණු බව දන්වා දුරකතනය විසන්ධි කර ඇත. පසුව එම අංකයෙන්ම ඇමැතුමක් ලැබී ඇති අතර කතා කිරීමේදී තමා වැරැදීමෙන් ඇමැතුම දුන් තැනැත්තා යැයි කියා ඇය ගැන විස්තර විමසා ඇත.
පසුව ඔහු විටින් විට ඇමැතුම් ලබා දෙමින් ඇය හා කතා බහ කර ඇත. මේ නිසා ඇය නොදැනුවත්වම ඔහු කෙරෙහි ආදරයක් ඇතිවී සුළු කාලයකින් ඔවුන් පෙම්වතුන් බවට පත්වී ඇත. ඇගේ විස්තර කීවත් ඇයට ඔහුගේ තොරතුරු දැන ගැනීම පසෙක තබා ඔහු කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගෙන ඇත.
කෙසේ හෝ මෙම අපූරු ජංගම දුරකතන පෙම්වතා ඇයව හමුවීමට අවශ්‍ය බව දන්වා දෙදෙනා හමුවී මුණගැසී කතා බහ කිරීමට තීරණයක් ගෙන ඒ අනුව ඇය ඔහු හමුවීමට ගෙදරටත් හොරා දිනක නිවාඩුවක් ගෙන කොළඹ ගොස් ඇත. එහිදී ඔවුන් දැන හඳුනාගෙන පසුව එදින රාත්‍රි ඔහු සමඟ හෝටල් කාමරයක ගත කිරීමටද ඇයට සිදුව ඇති අතර සියලු දේ ඔහු වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. තම අවශ්‍යතාවන් ඉටු කර ගත් ඔහු පසුදින උදේ ඉතාමත්ම සූක්‍ෂ්ම ලෙසින් ඇය මඟ හැර ගොස් ඇති අතර ඇය ඇඬූ කඳුළින් ගෙදර පැමිණ සිදුවූ සියලු දේ නොවලහා මවට කියා පසුව පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද


වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක හතරේ දී උදෑසන දහයට පැවැත්වීමට නියමිතව ඇත. මෙම රැස්වීම සඳහා එක්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
එම හමුවේ දී වැට් සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලා‍පොරොත්තු වන බව සඳහන් වේ.
මෙම හමුව සඳහා කොරියාවේ සංචාරයක නිරත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා එක්වීමට නියමිතව ඇත. සියයට 11ක්ව පැවැති වැට් බදු අගය 15 දක්වා වැඩිකිරීම ඇතුළු වැට් සංශෝධන සඳහා විරුද්ධ වන බව ඒකාබද්ධ විපක්ෂය මෙයට පෙර තීරණය කර තිබිණි.










 


Sunday 7 August 2016

ගුටි කෙලියක්.. යෝෂිත පොලීසියට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා කුරුඳුවත්ත පොලීසිය විසින් කැඳවා තිබේ.

රග්බි තරගයක් අතරතුරදී සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ඔහු කැඳවා ඇති අතර යෝෂිත රාජපක්‍ෂ නියෝජනය කරන ක්‍රීඩා සමාජය හා නුවර ක්‍රිඩා සමාජය අතර මෙම ගැටුම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා සුපර් සෙවන් රග්බි තරගාවලිය අතරතුරදීය.

ඉතිහාසයේ මහා එතනෝල් වංචාව රේගුවෙන් අල්ලයි.. මුදාලන්නයි දැඩි දේශපාලන බලපෑම්..

ලංකා ස්කාගාර සංස්ථාවේ හිමිකරු හැරී ජයවර්ධන විසින් වසර ගණනක් තිස්සේ කරගෙන ආ එතනෝල් ජාවාරමක් හෙලි කරගැනීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.

රේගු නිළධාරීන් පවසන අන්දමට මෙම වංචාව සූක්ෂම ආකාරයෙන් වසර විස්සකටත් අධික කාලයක් ඔස්සේ කරගෙන ඇති බව හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් මෙරටට එතනෝල් ගෙන්වන්නේ ලීටර් 25000 ටැන්කි (Tankers) තුලයි. නමුත් ඉතිහාසය පුරාම මොවුන්ගේ ඉන්වොයිස් තුල ලීටර් 20000 සිට 22000 දක්වා ප්‍රමාණයක් සදහන් වීම රේගු නිළධාරීන්ගේ සැකයට භාජනය වී ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ මේ සතියට පමණක් ගෙන් වූ ටැංකි දහයකට අධික ප්‍රමාණය තුල නියමිත ලීටර් 25000ම තිබූ බවත්, ඉන්වොයිස් කිරීමේදී අවම වශයෙන් ලීටර් 2000ක් වත් අඩුවෙන් මේ සියළුම ටැංකි වල ප්‍රමාණය සදහන් කර තිබූ බවත් රේගු ආරංචි මාර්ග සදහන් කරයි.

වත්මන් රජයේ ඇමති ********** මෙම සිද්ධියට බලපෑම් කරන බවත්, මිලියන 250ක් අය කරගෙන නිදහස් කරන ලෙසටත් රේගු නිළධාරීන්ට උපදෙස් දී තිබේ. හැරී ජයවර්ධන විසින් මෙම මුදල මේ වනවිටත් ගෙවා මෙම සිද්දිය මාධ්‍ය වලින් වසන් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිලිබද වැඩිදුර පරීක්ශණ සදහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට රේගුව අදහස් කරන අතර, ඒ වෙනුවෙන් දැඩි බලපෑම් රජයේ පාර්ශ්වයෙන් එල්ල වන බව වාර්තා වේ. රජයට සිදුවෙන ප්‍රකෝටි ගණනක පාඩුව මිලියන 250කින් නිදහස් කිරීම පිලිබදව රේගු නිළධාරීන් කණස්සල්ල පළ කරති. ඉදිරියේදී ගෙන ඒමට නියමිත රේගු පණත මෙවන් ක්‍රියා වලට උඩ ගෙඩි දීමක් ලෙසත් ඔවුන් සදහන් කරයි.
ප්‍රේමදාස පාලන සමයේදී මෙම ස්කාගාර සංස්ථාව කෝටි 400ක් වැනි මුදලකට හැරී ජයවර්ධනට ලබාදුන් කාලයේ සිට මෙම වංචාව සිදුවන්නට ඇති බව මොවුන්ගේ අදහසයි.

මෙම සිද්ධිය යටපත් කිරීමට ආණ්ඩුවේ ප්‍රභලයින් උත්සාහ කරන බව වාර්තා වන අතර වැඩිදුර පරීක්ශණ මේ වනවිටත් සීදූවේ තිබෙන ස්කාගාර සංස්ථා ගුදම තුල සිදු කෙරෙමින් පවතී.
උපුටා ගැනීම – slnewslanka

දෙරණ ස්ටාර් සිටි කිරුළ Supper Gangsters කණ්ඩායමට


ප්‍රේක්ෂක හද සන්තානයේ දිදුලන තරු මන්දාකිණිය දෙරණ ෆෙයාරන් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කර ගැනීමට දුලිකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් කණ්ඩායම සමත් වුණි.

ස්ටාර් සිටි අවසන් මහා තරගය ඊයේ(06) රාත්‍රීයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණු අතර ඊට රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

මීට මාස 06කට පමණ ප්‍රථම ස්ටාර් සිටි රියලිටි වැඩසටහන ආරම්භ වූණි.

රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් 25 දෙනෙකුගෙන් කණ්ඩායම් 05ක් යටතේ  ආරම්භ වූ මෙම වැඩසටහන මෙරට ප්‍රථම සහ එකම රියලිටි වැඩසටහනයි.

කණ්ඩායම් පහ කරට කර තරග වදිමින් ඊයේ අවසන් මහා තරගයේදී කිරුළ හිමිකර ගැනීම සඳහා දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් සහ රෝෂාන් රණවන ප්‍රමුඛ ඇම්ර්සන් ෆයිටර්ස් තරග වැදුණි.

එහිදී  සිය ගායන සහ රංගන කුසලතා මනාව විදහා දක්වමින් කණ්ඩායම් දෙකම කරට කර තරග වැදුණු අතර අවසානයේ ප්‍රේක්ෂක මනාපය මත දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.


 
Blogger Templates