Tuesday, 27 September 2016
මහින්දානන්දට ඇප ලැබෙයි
හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කර තිබේ.
සෙබළුන් 5ක් රිමාන්ඩ්
යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පෙනී සිටි යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රත් එස්.සදිස්කරන් මහතා විසින් ඔක්තෝබර් මස 10 වන දින දක්වා එම යුද හමුදා සාමාජිකයින් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
1998 වසරේ යාපනය, අච්චුවේලී ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් අච්චුවේලී යුද හමුදා කඳවුරේ සෙබළුන් 16 දෙනෙකුට ඊයේ දිනයේ යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ දිනයේදී සෙබලුන් 11 දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ට ලබන 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එතෙක් අනෙක් සෙබළුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව අච්චුවේලී පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.
ලසන්තගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවෙයි.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 08වනදා කළ ඉල්ලීමකට අනුව අද (27) දේහය ගොඩගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර තිබුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බැවින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේය.
ඒ අනුව දේහය ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අනාරක්ෂිත ළිඳට තරුණයා බිලි
කැකිරාව, මරදන්කඩවල - වටරවුම්පාර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.
කැකිරාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී එම තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sunday, 25 September 2016
අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..
යහපාලන රජය ලොව පුරා සියළු රාජ්‍යයන්ගේ සිත් දිනාගෙන ඇති නිසා අද වන විට විදෙස් ආයෝජකයින් ලංකාවට ගලා එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ වන විට රට පුරා මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බවද කී ඔහු විදෙස් මුදල්ද රට තුලට ඇදී ඒම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් වත්මන් පාලනය අගය කල බවත් ශ්‍රි ලංකාවට ආධාර උපකාර කරන්නට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
Tuesday, 20 September 2016
එජාපය වෙනස් නෑ-අපේ සමහරු වාසියට වෙනස් වුණා
එදත් අදත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බවත්, වෙනස් වී ඇත්තේ සමහරුන්ගේ ප්‍රතිපත්ති පමණක් බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විවිධ පුද්ගලික වාසි ප්‍රයෝජන සඳහා හෝ ඇමතිකම් සඳහා එලෙස ප්‍රතිපත්ති වෙනස්වී ඇතත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒ නිසාම ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන පිරිසක් සමග තමන් විපක්ෂයේ සිටින බව රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (19) දිවංගත විවියන් ගුණවර්ධන ජන්ම ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
විවියන් ගුණවර්ධන මිය එදවස අරගලයක් වෙනුවෙන් කොල්ලුපිටිය පොලීසියෙන් ගුටි කෑ බවත්, ඇයට පහරදුන් පොලිස් නිලධාරීයාට උසස්වීමක් ලබාදීමට එවක එජාප ආණ්ඩුව කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.
එදා පොලීසියයි අද පොලීසියයි අතර වෙනසක් නැති බවත්, එදා එජාප ආණ්ඩුවක ප්රතිපත්තියයි මෙදා එජාප ආණ්ඩුවේ ප්රතිපත්තියයි අතරද වෙනසක්ද නැති බවත් ඔහු අවධාරණය කළේය.
එදා මෙදා තුරු දේශපාලනය තුළ විවියන් ගුණවර්ධන වැනි චරිතයක් තමාට කිසි කලෙකත් හමුවී නැති වුවද,අද දවසේත් ඇය වැනි පිරිස් වල අවශ්‍යතාව තදින් දැනෙන බවත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පුරාවස්තු සෙවූ 6ක් අත්අඩංගුවට
නාගොඩ, ගෝනගොඩ ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගවට ගෙන තිබේ.
නාගොඩ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී නිධන් කැණීම සඳහා යොදාගත් උපකරණ ඇතුළු පූජා භාණ්ඩ ද පොලීසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Monday, 19 September 2016
සුළං විදුලි බලාගාරය නිසා පක්ෂි සංහාරයක්
යෝජිත මන්නාරම, සුළං විදුලි බලාගාර උද්‍යාන ව්‍යාපෘතිය හේතුවෙන් විශාල පක්ෂි සංහාරයක් සිදුවන බව පරිසරවේදීන් පවසයි.
ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මන්නාරම් දූපතේ උතුරු කොටසේ ආදම්ගේ පාළම, සමුද්‍ර ජාතික උද්‍යානය සහ ප්‍රධාන පක්ෂි පර්යටන මාර්ගයක් හරහා අදාළ සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇති බවයි.
වසරකට පක්ෂීන් මිලියන සංඛ්‍යාවක් එම මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම හා පිටවීම සිදුවන බව ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
එබැවින් අදාළ ඉදිකිරීම තුළ පරිසර හානියක් සිදුවන බැවින් එය නවතා දැමීමට එක්වීම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් බව එම සංගමය අවධාරණය කරයි.
එමෙන්ම යෝජිත සුළං බලාගාරය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීමේ දී අක්‍රමිකතා සහ විෂමතා සිදුව ඇති බවට ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

රේගු නිලධාරීන් අකුරට වැඩ කරයි
රේගු නිලධාරීන් අකුරට වැඩි කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
යෝජිත රේගු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාර්තා වෙයි.
රේගු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නව රේගු පනතක් ගෙන ඒම අවශ්‍ය නොවන බවයි.
පවතින රේගු පනතට සංශෝධන එක් කිරීම ප්‍රමාණවත් බව ඔවුන් පවසයි.
ඒ අනුව රේගු නිලධාරීන් තම රාජකාරියට අදාළ සේවාවල පමණක් නිරත වන අතර අමතර රාජකාරීවලින් වැළකී සිටියි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ කටයුතුවලට දැඩි බලපෑමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ගුවන්තොටුපොළ තුළ මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව රේගු නියෝජ්‍ය අධ්යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

දරුවන් මළ සොවින් මව-පියා දිවි නසා ගනියි
සිය දරුවන් දෙදෙනා මුහුදේ ගිළී අතුරුදන් වීමෙන් සිත් තැවුලට පත් කල්කුඩා, පට්ටිඅඩිච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ පියෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා සිය නිවස ඉදිරිපිට ගසක ගෙල වැලලාගෙන සිටිය දී අද (19) අළුයම සොයාගත් බවයි.
46 හැවිරිදි මවක සහ 54 හැවිරිදි පියෙකු මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.
ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඊයේ (18) පස්වරුවේ පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් සිටිය දී අතුරුදන්ව තිබුණි.
එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි හා 18 හැවිරිදි වියේ පසු වූ සහෝදරයෙන් දෙදෙනෙකි.
ඔවුන්ගේන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වී ඇති අතර අනෙක් තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

වාස් ඇතුළු 8ට අධි චෝදනා
මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ සිසුවෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අද(19) අධි චෝදනා ගොනුකර තිබේ.
ඒ අනුව අදාළ නඩු විභාගය ලබන පෙබරවාරි 6, 7 සහ 8 දිනවල සිදුකිරීමට මහාධිකරණය නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා , ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.
ඒ අනුව මරණ දඞුවම නියමව සිටින වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා හැර සෙසු විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
මහාධිකරණය මගින්, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එක් එක් විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කර තිබේ.

අකුණුසැර වැදී මරුට
අම්පාර, තිරුක්කෝවිල් පොලිස් බල ප්‍රදේශයේ, කංචිකුඩිආරු සාවාරු ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වර්ෂාව සමග ඇතිවු අකුණු පහරකින් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තිරුක්කෝවිල්, 01 ප්‍රදේශයේ පදිංචි එම්.තවපුත්ත්රමි නැමැති පෙදරේරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තිරුක්කෝවිල් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

නිව්යෝර්ක් පිපුරුම-සැකකරුවන් 5ක් අත්අඩංගුවට
අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී සිදුවූ පිපුරුම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එරට එෆ්.බී.අයි. ආයතනය මගින් අදාළ සැකකරුවන් බෲක්ලින් සහ ස්ටැසන් දූපත යා කෙරෙන පාලම ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිව්යෝර්ක් අගනුවර මෑන්හැටන්හි සිදුවූ පිපුරුමෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලැබීය.
කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් වාර්තා වී නොමැත.
මේ අතර අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී සිදු වූ පිපුරුම ත්‍රස්ත ක්‍රියාවක් බව ආණ්ඩුකාරවරයා පවසයි.
කෙසේ වෙතත් මෙය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිදු කළේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි බව ඔහු පවසා ඇත.
අදාළ පිපුරුම පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කළ උපරණයක් යොදාගෙන සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් පිපුරුම සිදු වූ ස්ථානය ආසන්නයේ තිබී තවත් එවැනි උපකරණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා දවල මන්දිර නියෝජිතයෙකු ද පත් කර තිබේ

මුගුරකින් පහරදී මරුට
අතුරුගිරිය, මහජන මාවත ප්‍රදේශයේ දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මත්පැන් පානය කළ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී පුද්ගලයින් දෙදෙනෙකු පහරකෑමට ලක්ව ඇති අතර ඔවුන් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ කොළොන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

තවත් රැඳවියෙකු ගෙල වැලලාගනියි
මාතර, බන්ධනාගාරය තුළ දී රැඳවියෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.
බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි වැසිකිළියක් තුළ දී ඔහු මියගොස් තිබියදී සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය පුද්ගලයා මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙකු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.
අදාළ පුද්ගලයා පසුගිය 16 වැනිදා සිට ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් වසර 12ක සිරදඞුවම් නියම වූ අයෙකු වෙයි.

අනවසරයෙන් මැණික් ගැරූ 6ක් මාට්ටු
බගවන්තලාව, ඇලිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
එහිදී ඔවුන් මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණ තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් හැටන් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 55 ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන්ය.
ඔවුන් අද(19) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බගවන්තලාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

රෝහල් ආරක්ෂකයාට පහරදුන් පුද්ගලයෙක් දැලේ
මාරවිල මූලික රෝහලේ ආරක්ෂක නිළධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නියමිත වේලාවෙන් පසු රෝගියෙකු බැලීමට පැමිණි පුද්ගයෙකු මෙලෙස ආරක්ෂක නිළධාරියාට පහරදී ඇති බව මාරවිල පොලිසිය පවසයි.
සැකකරු මාරවිල මූලික රෝහලේ වාට්ටු අංක 03හි ප්‍රතිකාර ලබමින් සිටින රෝගියෙකු බැලීම සදහා නියමිත වේලාවෙන් පසු රෝහලට පැමිණ ඇති අතර එහිදී ආරක්ෂක නිළධාරියා පවසා ඇත්තේ රෝගින් බැලීමට ලබාදී ඇති කාලය අවසන්ව ඇති බවයි.
එම අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ ආක්ෂක නිළධාරියා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.
අනතුරුව පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල, මූදුකටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.
සැකකරු අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාරවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ත්‍රී රෝද රථයේ මග වෙනස්වී කත මරුට-තිදෙනෙකුට තුවාලයි
මීගමුව - මීරිගම මාර්ගයේ කදවන කුළුන අසළදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ත්‍රී රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවත පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ගමන් ගත් කාන්තාවක මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ මල්වල, වෙන්දේසිවත්ත, කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවකි.
පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිත අතර කටාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sunday, 18 September 2016
බුද්ධි අංශ සැරයන්වරයා හෘදයාබාධයකින් මරුට
බදුල්ල පොලීසියට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ සැරයන්වරයෙකු හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.
රාජකාරියේ නිරතව සිටියදී අදාළ සැරයන්වරයාට හෘදයාබාධයක් වැළදී ඇති බව පොලීසිය පැවසුවේය.
බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව සඳහන්ය.
මියගොස් ඇත්තේ දුන්හිද, තිඹිගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් බුද්ධි අංශ සැරයන්වරයෙකු බව බදුල්ල පොලීසිය පැවසුවේය.

රජය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝණය කරලා
පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට බල කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පවසයි.
පළාත් පාලන සංසඳයේ කැඳවුම්කරු, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම තුළින් රජය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය උල්ලංඝණය කර ඇති බවයි.
මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලබන 20 වන දින මැතිවරණ කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමටද පළාත් පාලන සංසඳය තීරණය කර තිබේ.
කොළඹ අද(18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරුණ ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු අඛණ්ඩව විරෝධතාවල නිරත වන බවයි.
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් කණගාටුවෙන්
සුපිරි පාසල්වලට ඇතුළත්වීමට වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබා දෙන පහසුකම් අධ්‍යාපන ක්ෂේත්රයේ සේවයේ නියුතු සේවකයින්ටද ලබාදිය යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්රයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වෛද්‍ය නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
වසර 03ක සේවා කාලය සම්පූර්ණ කළ අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ට තම දරුවන් සුපිරි පාසල් වලට ඇතුළත් කිරීමට චක්‍රලේඛයක් මගින් අවස්ථාව ලබාදී ඇතත් එය ක්‍රියාත්මක නොවන බව අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේය.

පුස්සැල්ලාව ස්ථානාධිපති මාරු කරන්නැයි දිගම්බරම් ඉල්ලයි
පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයා හට තාවකාලිකව ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය මුල් කර ගනිමින් ප්‍රදේශවාසින් අද(18) දහවල් සිට නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණි.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබුණි.
විරෝධතාකරුවන් සිටි ස්ථානයට පැමිණි අමාත්‍ය පලනි දිගම්බරන් මහතා ප්‍රකාශ කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන තෙක් පුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇත්ගොව්වාට වැඩ වරදියි
රත්නපුර, මහ සමන් දේවාලයේ බීමත්ව කටයුතු කළ ඇත්ගොව්වෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රත්නපුර මූලස්ථාන පොලීසිය විසින් එම ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
අදාළ පුද්ගලයා බීමත්ව ඇතෙකුට හිංසා කර ඇති අතර එහිදී එම ඇතා කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වීමෙන් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර තිබේ.
ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අදාළ ඇත්ගොව්වා බීමතින් සිට ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

කෘෂි කාර්මික කටයුතුවලට අඩු මිලට විදුලිය
කෘෂි කාර්මික කටයුතු සඳහා අඩු මිලට විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවලදී ජලය පොම්ප කිරීම සඳහා රාත්‍රී 10 සිට පෙරවරු 6 දක්වා අඩු මිලට විදුලිය සැපයීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ලබන මස 01 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර පළමු වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියා සිටියේය.
බදුල්ල ප්‍රදේශයේ පැවති විදුලි ජංගම වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

නුවර-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිරයි
උද්ඝෝෂණයක් හේතුවෙන් නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය පුස්සැල්ලාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
පුස්සැල්ලාව පොලීසියේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පවත්වන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් ඔවුන් විරෝධතාවයේ නිරත වන බව සඳහන්ය.
අධිකරණය මගින් අත්ඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු ඊයේ(17) පුස්සැල්ලාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර ඔහු ඊයේ රාත්‍රී පොලිස් සිරමැදිරිය තුළදී සියදිවි හානි කර ගෙන තිබුණි.
කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ලෝක ජනාවාස දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ඔක්තෝබර් මස 03 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පොලොන්නරුව, දිඹුලාගල, සුගලා දේවි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමද ඊට සමගාමීව සිදු කරන බවයි.
එහිදී නව නිවාස 24ක් නිවාස ලාභීන් වෙත ලබාදීමට නියමිත අතර වකුගඩු රෝගයෙන් පිඩාවට පත් වූ පවුල් සඳහා නිවාස ආධාර ප්රදානය කිරීම සිදු කෙරෙනු ඇත.
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 03 වනදා සිට දින 10ක කාලයක් ජනාවාස සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

යතුරුපැදියෙන් ඇදවැටී මරුට
කටුගස්තොට, නුගවෙල, කලුගල්ල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.
යතුරුපැදියක පිටුපස ගමන් ගත් කාන්තාවට නින්දයාම හේතුවෙන් ඇය යතුරුපැදියෙන් බිමට ඇදවැටී ඇති අතර එහිදී පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය තිත්තපජ්ජල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ හතරලියද්ද, නිකතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවකි.
අනතුරට පත් යතුරුපැදියේ පැදිකරු මියගිය කාන්තාවගේ පුත්‍රයා වන අතර සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබේ.
එහිදී රුපියල් ලක්ෂයක ශරිර ඇප මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව පොලීසිය පැවසුවේය.

වසංගත රෝග පැතිරයාමේ අවධානමක් නෑ
දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිරයාමේ අවධානමක් නොමැති බව ඉන්දීය මහාබෝධි සමාගම පවසයි.
එහි මහ ලේකම්, ඉසිපතානාරාමාධිපති, පැල්වත්තේ සීවලී හිමි සඳහන් කළේ දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යන බවට අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.
දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යන්නේ ද යන්න පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් පූජ්‍ය පැල්වත්තේ සිවලී හිමි මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් විදෙස් සංචාරවල නිරතවීමෙන් පසු දිවයිනට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම යෝග්‍ය බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.
මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාගනී වාගීස්වර මහත්මියගෙන් ද විමසීමක් කළා අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කළේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ට බියවීමට තරම් අවධානමක් ඉන්දියාව තුළ නොමැති බවයි.

ජනමත විචාරණයට රජය සූදානමින්
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීමට රජය සූදානම්න් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමා ලබන වසර මුල ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
වෙන්නප්පුව, කිරිමැටියාන ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

නව ආණ්ඩුවක් බිහිකළ යුතුයි
නව ආණ්ඩුවක් බිහිකිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නිදහසෙන් පසු රට පාලනය කළ කිසිඳු රජයක් ජනතා අවශ්‍යතා ඉටු කර නොමැති බවයි.
යාපනය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර ජාතිවාදී අදහස් දරණ පුද්ගලයින්ට රට තුළ යළිත් බලය ලබා ගැනීමට ඉඩ නොතබන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

කිලිනොච්චියේ වෙළෙඳුන්ට කඩිනම් සහන
කිලිනොච්චියේ, පොදු වෙළෙඳසැල් භූමියේ හට ගත් ගින්නෙන් විනාශ වූ වෙළෙඳසැල් කඩිනමින් නැවත ඉදිකර දීමට කටයුතු කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
මධ්‍යම රජය සමග සාකච්ඡා කර එම වෙළෙඳසැල් හිමියන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය 16 වනදා රාත්‍රියේ කිලිනොච්චිය පොදු වෙළෙඳසැල් භූමියේ හටගත් ගින්නෙන් වෙළෙඳසැල් 100කට ආසන්න ප්‍රමණයක් විනාශ වු අතර මේ හේතුවෙන් කෝට් ගණනක පාඩුවක් සිදුව ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි.
එම වෙළෙඳසැල් හිමියන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අතර ඊයේ(17) පස්වරුවේ මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ එම වෙළෙඳසැල් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි.

කමිටුවේ ස්වාධීනත්වයක් නෑ ....
අඩු පහසුකම් සහිත ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ කිසිඳු ස්වාධීනත්වයක් නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශයේම නිලධාරීන් පත් කර ඇති බවයි.
ඒ බැවින් අදාළ ගැටළුවට සාධාරණ විසදුමක් සෙවීමට හැකියාවක් නොලැබෙන බව ඔහු සඳහන් කළේය.

සිරමැදිරියේදී ගෙලවැලලා ගත්තාට පොලිසියේ 2ට වැඩ වරදියි
පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව පුස්සැල්ලාව පොලීසිය මගින් ඊයේ(17) පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
30 හැවිරිදි මෙම සැකකරු සිරමැදිරිය තුළ රඳවා සිටියදී ඊයේ රාත්‍රීයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වුණි.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පුස්සැල්ලාව, වහුගපිටිය රෝහලේ තබා ඇති අතර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(18)සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව අදාළ සැකකරු සිරමැදිරියේ සිටියදී නිසි ආකාරව අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් රාත්‍රී රාජකාරී භාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ උප සේවක ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

Subscribe to:
Posts (Atom)