Pages

Subscribe:

Thursday 17 March 2016

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය ඇරඹෙයි - මහින්දත් එක්වෙයි (ඡායාරූප)

කොළඹ හයිඩ් පිටියේ  පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට එක්ව තිබෙනවා. 

හිරු වාර්තාකරු පැවසුවේ රැළිය සදහා විශාල පිරිසක් තවමත් පැමිණෙමින් සිටින බවයි. 
විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ - පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. 

මීට අමතරව ඉබ්බන්වල මංසන්ධිය අවට මාර්ගවලද රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ. 

කොළඹ - හයිඞ් පිටියේදී මීට ස්වල්ප මොහොතකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය ආරම්භ කළ අතර, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී.රත්නායක, කෙහෙළිය රඹුක්වැල්ල සහ එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු පිරිසක් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිලද පැමිණ සිටියා. 

ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් යන අයද එම ස්ථානයට පැමිණ සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ. 

0 comments:

Post a Comment

 
Blogger Templates