Pages

Subscribe:

Tuesday 1 March 2016

බැසිල් මිනිස්සු එපා කියන තුරු සල්ලි බෙදුවා.. පැරදුනේ බැසිල් නිසා..

පසුගිය රජය සමයේදී ඇමති බැසිල් රාජපක්‍ස මිනිස්සු එපා කියන තුරු සල්ලි බෙදුවේ යයි ඇමති එස්.බී.දිසානායක මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

පක්ෂ කඩා විනාශ කිරීම මිස පක්ෂ දිනවීමට බැසිල් රාජපක්‍ෂ මහතාට නොහැකි යයිද ඛී ඇමතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැත්තකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්වීම ඔහුට කළ හැකි ලොකුම උදව්ව යයිද කියා සිටියේය
.
‘කොටි පරදපු මහින්දට ආණ්ඩුව පෙරලන එක කජ්ජක් නොවෙයි කියල බැසිල් මහත්තයා කියල තිබුණා. ඒකෙ ඇත්තකුත් තියෙනවා. වසර 36ක් පැවති යුද්ධය නිමා කළ නායකයා මහින්දයි. දුෂ්කර අවස්ථාවකදී පක්ෂය බලයට ගෙනාපු නායකයා මහින්දයි. ඒත් බැසිල් මෙහයවපු එක මැතිවරණයක් දින්නාද? බැසිල් නිසා ඡන්ද පැරදුණා කියා නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාම කිව්වා.

බැසිල් රාජපක්‍ෂ ඡුන්දවලට අධික මුදලක් වැය කළා. මිනිස්සු එපා කියනතුරු සල්ලි බෙදුවා. තොග පිටින් පෝස්ටර්, පාප්ප, පින්සල් බෙදුවා. වතුර විතරයි නොදුන්නේ. ජනතාව තුල මේ වැඩ ලොකු කලකිරීමක් ඇති කළා’

0 comments:

Post a Comment

 
Blogger Templates