Pages

Subscribe:

Tuesday 1 March 2016

පොහොර ඉල්ලා අදත් රට පුරා ගොවීන් මහ පාරේ

මිලට පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් අදත් රට පුරා ගොවීන් විරෝධතාවල නියැලූණා.

ඊට එක්වූ මින්නේරිය, ගලෙන්බිඳුණු වැව, අම්පාර, අම්බලන්තොට සහ බදුල්ල යන ප්‍රදේශවල ගොවීන් ප්‍රකාශ කළේ පසුගිය රජය ලබාදුන් ක්‍රමයට  පොහොර සහනාධාරය ලබාදෙන ලෙසයි.

ගොවීන්ට රුපියල් 2500 ක මිලකට කිලෝග්‍රෑම් පණහේ පොහොර මිටියක් ලබාදෙන ලෙස   ඊයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නා.

දැනට ඇතැම් ප්‍රදේශවල පොහොර මිටියක් රුපියල් 3000 ද ඉක්මවා අලෙවි කරන බවයි ගොවීන් පවසන්නේ.

එසේම නව සහනාධාරය ලබාගැනීම සඳහා රාජ්‍ය බැංකුවල ගිණුම් ආරම්භ කරන ලෙසටද ගොවීන්ට දැනුම්දී තිබුනා.

ඒ, පසුගිය 26 සහ 27 යන දෙදින තුළයි. අදාළ දිනයන් හි රාජ්‍ය බැංකු වෙත ගිය ගොවීන්ට දැඩි අපහසුතාවලට මුහුණදීමට සිදුවූයේ ඒ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිවීම හේතුවෙන්.

කෙසේ වෙතත් ගොවීන් විරෝධතාවලට එක්වෙමින් සඳහන් කළේ පැවති ක්‍රමයට පොහොර සහනාධාරය තමන්ට ලබාදෙන ලෙසයි.

බදුල්ල - තල්දෙන ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවීන් විසින් විරෝධතාවක් සංවිධාන කර තිබුණේ තල්දෙන ශ්‍රී බෝධි රුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිටයි.

එහිදී පොහොර ලබාගැනීම සඳහා රජය ලබාදී තිබූ ඉල්ලූම්පත් ගොවීන් විසින් පුළුස්සා විනාශ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ගොවීන්ගේ මෙම විරෝධතා පිටුපස බංකොලොත් දේශපාලනඥයන් පිරිසක් සිටින බවයි.

එහෙත් කවුඩුල්ල  මහා වාරිමාර්ග ව්‍යාපාරයේ ගොවි සංවිධාන පොළොන්නරුවේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නියෝජිතයන් රජයේ නව පොහොර සහනාධාර වැඩපිළිවෙලට දැඩි විරෝධයක්.

0 comments:

Post a Comment

 
Blogger Templates