Pages

Subscribe:

Saturday 29 October 2016

ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.


ලොව පුරා සිටින ඇතැම් මන්ත්‍රීවරියන්ට දේශපාලඥයන්ගේ ලිංගික හා වෙනත් බලපෑම්වලට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබුවා.  අප්‍රිකාව, ආසියාව, යුරෝපය වගේම ඇමෙරිකානු කලාපය සහ අරාබි රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකසා ඇති අතර, එම රටවල මන්ත්‍රීවරියන් 55 දෙනෙකු මෙම කරුණු විමසීමට බඳුන් වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ව, මන්ත්‍රීවරුන් විසින් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු කරගැනීම බොහෝ සේ ඉහළ ගොස් ඇති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන නුසුදුසු වචන මන්ත්‍රීවරියන් සුලභව ගොදුරුවන කාරණයක් බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.
මේ පිළිබදව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ හිටපු මන්ත්‍රීවරියක වන උපේක්ෂා ස්වරණමාලි මහත්මිය
මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නෙ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්" යැයි හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
මහජන නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරියන්ට වෙනත් දේශපාලනඥයන් සමග කටයුතු කිරීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවලදී ඇතැම් දේශපාලනඥයන්ගෙන් කාන්තාවන් වීම නිසාම තමන්ට අනවශ්‍ය බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කර ඇත.
මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාද වීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා, ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුණා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එනමෙන් මට ආරාධනා කළා.
පිටරට සංචාර යෑම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිෆෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මෙය දරුණු ඛේදවාචකයක් බව පවසා ඇති හිටපු මන්ත්‍රීවරිය, සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්විම් ඇතුළුව බොහෝ මාධ්‍ය වැඩසටහන් තුළ පවා යම් මට්ටමින් කාන්තා හිංසනයක් සිදුවන බවද පවසා තිබේ.

ඉරානය, මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් එළි දක්වයි


මුහුදේ සහ ගොඩබිම ඉලක්ක හඹා ගොස් පිපිරී විනාශ වන ඩ්‍රෝන් යානයක් ඉරානය විසින් අද එළිදක්වනු ලැබුවා.  කෙසේ නමුත් එය නුදුරේදී මිසයිලවලින් සන්නද්ධ කොට භාවිතයට ගැනීමේ සූදානමක් නොමැති බවයි ඉරාන රජය ප්‍රකාශ කළේ. මුහුදේ ජල මට්ටමට අඩි දෙකක් පමණ සමීපව පැයට කිලෝමීටර් 250 ක පමණ වේගයකින් ගමන් කළ හැකි මෙම ඩ්‍රෝන් යානයට පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකි බව සඳහන්. 2011 වසරේ දෙසැම්බර් මාසයේදී ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාවට අයත් ඩ්‍රෝන් යානයක් ඉරානය විසින් සිය ගුවන් තලයේදී අත්පත් කරගත් අතර නව ප්‍රහාරක ඩ්‍රෝන් යානය නිපදවීමට එහි තාක්ෂණය යොදාගත් බවයි ඉරාන හමුදා බලධාරීන් සඳහන් කළේ.

ඞී.එස්. සේනානායක වගේ නෑ.. අද සමහරු ජාතිවාදය අවුස්සනවා.. – රාජිත කාටදෝ නොකියා කියයි..

ශ‍්‍රී ලංකාෙවි ප‍්‍රථම අග‍්‍රාමාත්‍ය ඞී.එස් සේනානායක මහතාගේ උපහාර උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මාලඹෙි රාහුල බාලිකා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්විනි.
උපහාර උත්සවය ආරම්භ වුයේ මහාමාන්‍ය ඞී.එස් සේනානායක මහතාගේ ඡුායාරූපයකට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුෂ්පෝහාර දැක්වීමෙන් අනතුරුවයි.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා
‘ඞී.එස් සේනානායක මහතා පිළිබදව වර්තමාන දරු දැරියන් දැනගත යුතුයි. ඔහු යුරෝපීය ඇදුම් ඇන්දත්, සිංහලකම තිබුනේ හදවතේ සහ ක‍්‍රියාවලියේයි. මින්නේරිය ව්‍යාපාරය, ගල්ඔය ව්‍යාපාරය වැනි ගොවි ජනපද ආරම්භ කරමින් ප‍්‍රභූ පැලැන්තියට නොව අහිංසක ජනතාව වෙනුවෙන් ඞී.එස් සේනානානයක මහතා උදාර මෙහෙවරක් ඉටු කළා. ජාතික නිදහස් අරගලයට ද හඩ පෙවූ එතුමා අමද්‍යප ව්‍යාපාරය ක‍්‍රියාත්මක කර මධ්‍යසාර තුරන් කිරිම සදහා ද වැඩපිළිවෙලක් දියත් කළා. ඉංග‍්‍රීසි ආණ්ඩුකාර සොල්බරි සාමි මවිතයට පත් කරමින් පුර්ණ නිදහස ලබාගැනීමට සේනානායක මහතා කැපවීමෙන් කටයුතු කළා. ජාතිවාදය, ආගම්වාදයෙන් තොර වූ ඔහු ජනතාවගේ හිත් තලා නිදහස ලබාගැනීමට කටයුතු කළේ නැහැ. එහෙත් වර්තමානයේ ඇතැමුන් ජාතිවාදය ඇවිලීමට උත්සාහ කරනවා. ඩි.එස් සේනානායක මහතා ශ‍්‍රී ලංකාෙවි වාරි කර්මාන්තය දියුණු කිරීම ද කැප වී කටයුතු කළා. ශ‍්‍රී ලාංකිකයින්ට ඉඩම් අයිතිය ලබාදීමට ද කටයුතු කළ ඞී.එස් සේනානායක මහතාගේ ඉඩම් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළේ නම් ඉඩම් ප‍්‍රශ්නයට විසදුමක් ලැබෙන බව මම මෙහිදී ප‍්‍රකාශ කිරීමට කැමැතියි’

Tuesday 11 October 2016

චන්ද්‍රිකා නෝනා සහ මනෝ ගනේෂන් ඇමතිතුමා අත්අඩංගුවට ගත යුතුයි

රැළියක් සාර්ථකද අසාර්ථකද යන්න මැනිය හැක්කේ අතේ කරගැටවලින් වත්, උගුර ලේ රහ වෙනකල් කෑගැසීමෙන් වත්‍ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රැළියක සාර්ථකභාවය මැනිය හැක්කේ ඊට ලැබෙන ජනතා සහයෝගයෙන් බවත්,  ඒ අනුව රත්නපුර රැළියට ජනතා සහයෝගය උපරිමයෙන් ලැබුණු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(10)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍යවේදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව කියා සිටි අතර ඉදිරි මැතිවරණයකට කිසිසේත්ම මෛත්‍රීගේ නායකත්වයෙන් ඉදිරිපත් නොවන බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නැවුම් සන්ධානයකින් තරඟ කරන බවත් අවධාරණය කළේය.

Sunday 9 October 2016

බැදුම්කර මගඩියෙන් වූ මහ විනාශය හරියටම දන්න කෙනෙක් තේරෙන සිංහලෙන් කියයි..

පසුගිය වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ බැදුම්කර වෙන්දේසිය නිසා අද සිදුව ඇති ආර්ථික අර්බුදය ගැන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ බැදුම්කර නිකුතුව හේතුවෙන් ගිය රජය සමයේ 6.2ක් වූ රටේ ණය පොලී ප්‍රතිශතය අද වන විට 12.35% ක් තෙක් ඉහල ගොස් ඇති බවයි.
බැංකු, නිවාස ණය සහ උකස් කිරීම් ආදියට කලින් පැවති 6%ක් වූ පොලී අනුපාත ප‍්‍රතිශතය 12%ක් තෙක් ඉහල ගියේද මෙම බැදුම්කර නිකුතුව නිසා බවය.

රට ජාතියට තර්ජිත ත‍්‍රස්තවාදියෙක් යයි කියා රාජ්‍ය බුද්ධි අංශ ගෝටාභය පසුපස..

තමන් මේ රටට ජාතියට තර්ජනයක් වන ත‍්‍රස්තවාදියෙකු ලෙස සිතා රාජ්‍ය බුද්ධි අංශ තමන් පසුපස එවීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයක් එවන් කටයුත්තක් සදහා තම කාලය ශ‍්‍රමය වැය කිරීම අපරාධයක් බවද පවසන රාජපක්‍ෂ මහතා උවමනා නම් තම දිනපතා වැඩපිලිවෙල ඔවුනට ලබා දිය හැකි බවද කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ මාතර වැලිගම පැවති උත්සව සභාවක් අමතමිනි.

ශ‍්‍රී ලන්කන් ලොක්කාට රාජපක්‍ෂ කාලේ පඩිය ලක්‍ෂ 15යි.. යහපාලන කාලේ පඩිය ලක්‍ෂ 35යි..

ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියාට පසුගිය රජය සමයේ මාසිකව ගෙවූ මුදල රැපියල් ලක්‍ෂ පහලොවක් වුවත් වත්මන් පාලනය යටතේ පත් කර ඇති ප‍්‍රධාන විධායක නිලධාරියාට මාසිකව ලක්‍ෂ 35ක මුදලක් ගෙවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් මහතා කොලඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ලබන ජනවාරි මාසයේ සිට අප්‍රෙල් මාසය දක්වා කටුනායක ධාවන පථය අලූත්වැඩියාව නිසා ගුවන් ගමන් වාර 200 මත්තලට යොමු නොකර අවලංගු කරන්නේ දේශපාලන කුහකත්වය නිසා බවද කී ඔහු එම කාලය තුල ඉන්ධන ලබා ගැනීම සදහ පමණක් එන යානා 37ක් මත්තලට යොමු කිරීම ඉතා පහසුවෙන් කල හැකි යයිද කියා සිටියේය.
 
Blogger Templates