Pages

Subscribe:

Sunday 11 September 2016

කටුනායක ගුවන්තොටේ පාලන කටයුතු ඉන්දීයාවට දෙයි

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පාලන කටයුතු ඉන්දීය සමාගමකට පැවරීමේ සැලසුමක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බව එම ගුවන්තොටුපළ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින කටුනායක ගුවන්තොටුපළ හා ගුවන්තොටුපළ සේවා සමාගම මඟින් වසර 45 ක්‌ පුරා අඛණ්‌ඩව පාලනය වූ ගුවන්තොටුපළ දෛනික කටයුතුවල දුර්වලතා ඇතැයි පවසමින් මෙලෙස එහි පාලනය ඉන්දීය සමාගමකට පැවරීමට වත්මන් රජයේ ඉහළ බලධාරීන් සැරසෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා අදාළ සියලු මෙහෙයුම් කටයුතු සිදුකරන කාර්යබහුල ගුවන් පාලක මැදිරියකින් සමන්විත සහ දිනකට ලක්‌ෂ 1 1/2 කට අධික ගුවන් මගීන් සංඛ්‍යාවක්‌ මෙහෙයවනු ලබන දෛනික කටයුතුවලින් යුත් කටුනායක ගුවන්තොටුපළ මෙලෙස ඉන්දීය සමාගමකට පැවරීම සඳහා ප්‍රධාන හේතුව ලෙස සඳහන් කර ඇත්තේ ගුවන්තොටුපළේ සනීපාරක්‌ෂක සේවා කටයුතුවල පවතින දුර්වලතාව යෑයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

0 comments:

Post a Comment

 
Blogger Templates