Pages

Subscribe:

Sunday 11 September 2016

සජිත් ඇතුලු එජාප සංවිධායකයින් 38ක ප්‍රගතිය බිංදුවයි

එක්‌සත් ජාතික පක්‌ෂය ආරම්භ කර ඇති පක්‌ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන යටතේ සාමාජික කාඩ්පත් විකිණීම මගින් ලබා ගැනීමට අපේක්‌ෂා කරන ආදායම් ඉලක්‌කයෙන් තවමත් සපුරාගෙන ඇත්තේ 25.% ක ප්‍රගතියක්‌ පමණි. රුපියල් 20, 50 සහ 100 වශයෙන් ටිකට්‌ පත් අලෙවි කොට පක්‌ෂයට රුපියල් තිස්‌ලක්‌ෂ අටදහස්‌ අටසිය අනූඅටක මුදලක්‌ උපයාගැනීමට අපේක්‌ෂා කළද මෙම මස (සැප්තැම්බර්) 02 දින සිට උපයාගෙන තිබුණේ රුපියල් හත්ලක්‌ෂ හතළිස්‌
නවදහස්‌ පනහක මුදලක්‌ බවත් එහි ප්‍රතිශතය 24.92% ක්‌ බවත් සිරිකොත මූලස්‌ථානයේ ප්‍රදර්ශනය කර ඇති දැන්වීමෙන් ප්‍රකාශ වේ.
පක්‌ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය ජුනි මස 23 වැනිදා මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇති අතර එහි ප්‍රගතිය දැක්‌වෙන සටහන් අනුව ප්‍රථම ස්‌ථානය ලබා ඇත්තේ මුදල් ඇමැති රවි කරුණානායක මහතාය. සියයට සියයක ඉලක්‌කය සපුරා ඇත්තේ ඒ අනුව රවි කරුණානායක (207%) අකිල විරාඡ් කාරියවසම් (204%) විඡේපාල හෙට්‌ටිආරච්චි (201%) චම්පික ප්‍රෙAමදාස (142%) ලක්‌ෂ්මන් කිරිඇල්ල (100%) ගයන්ත කරුණාතිලක (100%) ශමලි සෙනරත් (100%) යන මැති ඇමැතිවරුන් හත්දෙනා පමණක්‌ වීම විශේෂත්වයකි.
එජාප මහලේකම් කබීර් හෂීම් මහතාගේ ප්‍රගතිය 99.31% ක්‌ වන අතර සාමාජික කාඩ්පත් අලෙවි කිරීමේදී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රගතිය පසුගිය 02 වැනිදා වනවිට සියයට බින්දුවකි.
සජිත් ප්‍රේමදාස මහතා මෙන් ප්‍රගතිය සියයට බින්දුව වන ආසන සංවිධායකයන් 38 දෙනකු සිටින අතර ඊට කැබිනට්‌, රාජ්‍ය, නියෝජ්‍ය ඇමැතිවරු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්‌ම වෙති.

0 comments:

Post a Comment

 
Blogger Templates