Pages

Subscribe:

Sunday 18 September 2016

අයි.ටී.එන්. ‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු

අයි.ටී.එන්.
‘ඇඩල්ට්ස් ඔන්ලි’ වෙන්න යනවලු

පසුගිය සෙනසුරාදා ජාතික පුවත්පත් වල පළ කරන ලද දැන්වීමකින් කියැවුනේ ස්වාධීන රූපවාහිනී නාලිකාව අලූතින් පෙන්වන්නට යන කතා මාලාවක් ගැනයි.

එහි දැක්වූයේ ‘දරුවන් නින්දට ගිය පසු වැඩිහිටි ඔබට නරඹන්නට සුදුසු සම්මානිත විදේශ නාට්‍ය පෙන්වන එකම නාලිකාව 19 වනදා සිට අලූත් ගමනක’ යනුවෙනි.

 ඒ අනුව රාත‍්‍රී 10.30 ට පෙන්වන්නට යන වැඩිහිටියන්ට සුදුසු විදෙස් චිත‍්‍රපට මාලාවක්
එම දැන්වීමෙන් ප‍්‍රවර්ධනය කර තිබේ.
ශ‍්‍රී ලංකාවේ මුල්ම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය අසූව දශකයේ සිටම රාත‍්‍රී කාලවල  ‘වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි’ යන්න දක්වමින් බේවොච්,බෙවර්ලි හිල්ස් ආදී චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කර තිබුණි. නමුත් ඒවා ප‍්‍රවර්ධනය කිරීමක් එකල දක්නට නොවීය.

පසු කලෙක සිරස නාලිකාව ඇරඹූ පසු ‘නයිට් ටයිම් ටීවී’ නමින් මුළුමණින්ම නිරුවත් හා අඩ නිරුවත් දර්ශන සහිත වැඩසටහන් රෑ දොළහ පසුවී විකාශය කරන්නට උත්සාහ ගෙන තිබුණි. 
නමුත් පසුකාලීනව ඇතිවූ විවේචන හේතුකොට ඒවා අත්හැර දමන ලදි.

රජය හා සම්බන්ධ පාලනයකින් යුතු ස්වාධීන රූපවාහිනිය පසුගිය රජය සමයේ යුද පුවත් වාර්තා හා සිංහල මෙගා ටෙලි නාට්‍ය නිසා අංක එකේ නාලිකාව තැනට පත්ව අධික ආදායම් ලැබූවත් මේ වනවිට යම් යම් හේතුමත එම ස්ථානයෙන් පහතට වැටී ඇත..

‘වැඩිහිටි ඔබට සුදුසු නාට්‍ය පෙන්වන එකම නාලිකාව’ ලෙස අලෙවි ප‍්‍රවර්ධන සහිතව මේ අලූත් ගමනක් අරඹන්නේ ඒ නිසා විය යුතුය. නමුත් වාඩාත් අන්තරායකර තත්වය වන්නේ තව ටික දිනකින් එම කටයුත්ත කරන ‘එකම නාලිකාව‘ එය පමණක් නොවන්නට ඉඩ තිබෙන නිසාය.

පුවත්පතේ පළව තිබුණ දැන්වීම පහතින්

0 comments:

Post a Comment

 
Blogger Templates