Pages

Subscribe:

Monday 19 September 2016

වාස් ඇතුළු 8ට අධි චෝදනා



මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ සිසුවෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අද(19) අධි චෝදනා ගොනුකර තිබේ.

 ඒ අනුව අදාළ නඩු විභාගය ලබන පෙබරවාරි 6, 7 සහ 8 දිනවල සිදුකිරීමට මහාධිකරණය නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා , ඔහුගේ පුත්‍රයා සහ බිරිඳ ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.

ඒ අනුව මරණ දඞුවම නියමව සිටින වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත්‍රයා හැර සෙසු විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ බව අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මහාධිකරණය මගින්, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත එක් එක් විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කර තිබේ.

0 comments:

Post a Comment

 
Blogger Templates