Pages

Subscribe:

Wednesday 14 September 2016

දෙහිවල උපන් සිංහ පැටවුන් තිදෙනා සුවෙන් - ඡායාරූප


දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දී සිංහ පැටවුන් තිදෙනෙක් උපත ලබති. මේ සිංහ යුවළ සත්ත්ව හුවමාරු වැඩ සටහන් දෙකක දී ජර්මනියේ හැගන්බෙක් සත්ත්වෝද්‍යානයෙන් සහ කොරියාවේ ෂියෝල් සත්ත්වෝද්‍යානයෙන් ලැබී තිබේ.
 මව සකීනා ලෙසත් පියා තෝර් ලෙසත් නම් කර ඇත. පසුගිය අගෝස්තු මස 28 වැනි දින උපත ලැබූ මේ පැටවුන් තිදෙනා මේ වන විට හොඳ සුවයෙන් වැඩෙමින් සිටින බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ධම්ම්කා මල්සිංහ මහත්මිය පවසයි.
මීට පෙර මේ යුවළට දාව උපන් පැටවුන්ට කිරි දීම මව විසින් ප්‍රතික්ෂේප කර තිබේ. නමුත් මෙවර ලැබූ පැටවුන්ට කිරි ලබා දීම සිදු කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

0 comments:

Post a Comment

 
Blogger Templates