Pages

Subscribe:

Monday 19 September 2016

අනවසරයෙන් මැණික් ගැරූ 6ක් මාට්ටු

බගවන්තලාව, ඇලිය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

එහිදී ඔවුන් මැණික් ගැරීම සඳහා භාවිතා කළ උපකරණ තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් හැටන් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 55 ත් අතර වයසේ පසුවන්නන් බව සඳහන්ය.

ඔවුන් අද(19) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බගවන්තලාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 comments:

Post a Comment

 
Blogger Templates