Pages

Subscribe:

Sunday 18 September 2016

රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කරලා

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස රජයට බල කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින් පවසයි.

පළාත් පාලන සංසඳයේ කැඳවුම්කරු, බොරලැස්ගමුව නගර සභාවේ හිටපු නගරාධිපති අරුණ ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය කල්දැමීම තුළින් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කර ඇති බවයි.

මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා ලබන 20 වන දින මැතිවරණ කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමටද පළාත් පාලන සංසඳය තීරණය කර තිබේ.

කොළඹ අද(18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අරුණ ප්‍රියශාන්ත මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු අඛණ්ඩව විරෝධතාවල නිරත වන බවයි.

0 comments:

Post a Comment

 
Blogger Templates