Pages

Subscribe:

Sunday 18 September 2016

නව ආණ්ඩුවක් බිහිකළ යුතුයි

නව ආණ්ඩුවක් බිහිකිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නිදහසෙන් පසු රට පාලනය කළ කිසිඳු රජයක් ජනතා අවශ්‍යතා ඉටු කර නොමැති බවයි.

යාපනය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර ජාතිවාදී අදහස් දරණ පුද්ගලයින්ට රට තුළ යළිත් බලය ලබා ගැනීමට ඉඩ නොතබන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

0 comments:

Post a Comment

 
Blogger Templates