Pages

Subscribe:

Sunday 18 September 2016

කිලිනොච්චියේ වෙළෙඳුන්ට කඩිනම් සහන

කිලිනොච්චියේ, පොදු වෙළෙඳසැල් භූමියේ හට ගත් ගින්නෙන් විනාශ වූ වෙළෙඳසැල් කඩිනමින් නැවත ඉදිකර දීමට කටයුතු කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

මධ්‍යම රජය සමග සාකච්ඡා කර  එම වෙළෙඳසැල් හිමියන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය 16 වනදා රාත්‍රියේ කිලිනොච්චිය පොදු වෙළෙඳසැල් භූමියේ හටගත් ගින්නෙන් වෙළෙඳසැල් 100කට ආසන්න ප්‍රමණයක් විනාශ වු අතර මේ හේතුවෙන් කෝට් ගණනක පාඩුවක් සිදුව ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි.

එම වෙළෙඳසැල් හිමියන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා  අතර  ඊයේ(17) පස්වරුවේ  මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ එම වෙළෙඳසැල් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි.

0 comments:

Post a Comment

 
Blogger Templates