Pages

Subscribe:

Monday 19 September 2016

නිව්යෝර්ක් පිපුරුම-සැකකරුවන් 5ක් අත්අඩංගුවට

අමෙරිකාවේ නිව්යෝර්ක්හිදී සිදුවූ පිපුරුම සම්බන්ධයෙන් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එරට එෆ්.බී.අයි. ආයතනය මගින් අදාළ සැකකරුවන් බෲක්ලින් සහ ස්ටැසන් දූපත යා කෙරෙන පාලම ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

නිව්යෝර්ක් අගනුවර මෑන්හැටන්හි සිදුවූ පිපුරුමෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලැබීය.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මේ වනතෙක් වාර්තා වී නොමැත.

මේ අතර අමෙරිකාවේ නිව්යෝර්ක් හිදී සිදු වූ පිපුරුම  ත්‍රස්ත ක්‍රියාවක් බව ආණ්ඩුකාරවරයා පවසයි.

කෙසේ වෙතත් මෙය ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන  ත්‍රස්තවාදී සංවිධානයක් විසින් සිදු කළේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් ප්‍රකාශයක් සිදු කිරීමට නොහැකි බව ඔහු පවසා ඇත.

අදාළ පිපුරුම  පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කළ උපරණයක් යොදාගෙන සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් පිපුරුම සිදු වූ ස්ථානය ආසන්නයේ තිබී තවත් එවැනි උපකරණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

මේ  අතර අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා දවල මන්දිර නියෝජිතයෙකු ද පත් කර තිබේ

0 comments:

Post a Comment

 
Blogger Templates