Pages

Subscribe:

Monday 19 September 2016

දරුවන් මළ සොවින් ‍මව-පියා දිවි නසා ගනියි

සිය දරුවන් දෙදෙනා මුහුදේ ගිළී අතුරුදන් වීමෙන් සිත් තැවුලට පත් කල්කුඩා, පට්ටිඅඩිච්චේන ප්‍රදේශයේ පදිංචිව සිටි මවක සහ පියෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා සිය නිවස ඉදිරිපිට ගසක ගෙල වැලලාගෙන සිටිය දී අද (19) අළුයම සොයාගත් බවයි.

 46 හැවිරිදි මවක සහ 54 හැවිරිදි පියෙකු මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇති බව පොලීසිය පැවසුවේ.

ඔවුන්ගේ පුතුන් දෙදෙනා ඊයේ (18) පස්වරුවේ පාසිකුඩා මුහුදේ දිය නෑමට ගොස් සිටිය දී අතුරුදන්ව තිබුණි.

එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි හා 18 හැවිරිදි වියේ පසු වූ සහෝදරයෙන් දෙදෙනෙකි.

ඔවුන්ගේන් එක් අයෙකුගේ මළ සිරුරක් හමු වී ඇති අතර අනෙක් තරුණයා සොයා  මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි.

0 comments:

Post a Comment

 
Blogger Templates