Pages

Subscribe:

Sunday 18 September 2016

ලෝක ජනාවාස දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

ඔක්තෝබර් මස 03 වන දිනට යෙදෙන ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පොලොන්නරුව, දිඹුලාගල, සුගලා දේවි ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීමද ඊට සමගාමීව සිදු කරන බවයි.

එහිදී නව නිවාස 24ක් නිවාස ලාභීන් වෙත ලබාදීමට නියමිත අතර වකුගඩු රෝගයෙන් පිඩාවට පත් වූ පවුල් සඳහා නිවාස ආධාර ප්‍රදානය කිරීම සිදු කෙරෙනු ඇත.

ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 03 වනදා සිට දින 10ක කාලයක් ජනාවාස සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ.

0 comments:

Post a Comment

 
Blogger Templates