Pages

Subscribe:

Monday 12 September 2016

මොණරාගලින් පළමුවෙනියාවූ හරින්ද පුද්ගලික ප‍්‍රශ්නේ නිසා විභාගේ පාස් කරන්න බැහැයි කියා සටහන් තබා සමුගත් හැටි

යේ උදෑසන කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ නේවාසිකාගාර කාමරයක් තුළදී හමුවූ මියගිය වෛද්‍ය සිසුවා සම්බන්ධ සිද්ධියට අදාළ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
හරින්ද සෙනෙවිරත්න නමැති මියගිය වෛද්‍ය සිසුවා මොණරාගල රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළට පෙනී සිට ඒ සාමාර්ථ තුනක් සහිතව එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයාවී සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට
ඇතුළත්ව ඇත්තේ 2009 වසරේය.
එතැන් සිට කොළඹ වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ රැඳී සිටිමින් මාස කිහිපයකට වරක් පමණක් බිබිලේ පිහිටි නිවසට යමින් ඔහු සැහැල්ලූවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත.
ඔහු මුල් කාලයේ වෛද්‍ය අධ්‍යාපනය සාර්ථකව කරගෙන ගිය නමුත් අවසාන කාලයේ කිසියම් පුද්ගලික ප‍්‍රශ්න කිහිපයකට මැදිවීම නිසා වැඩ කටයුතු අවුල් කරගෙන තිබෙන බව වාර්තාවේ. වෛද්‍ය විද්‍යාලයේ ඔහුට සමකාලීන කණ්ඩායම අවසන් විභාගය සමත්ව ඉදිරි කටුයුතු සඳහා ගියත් ඔහුට එය එක්වරම සමත් කරගන්නට බැරි විය. දෙවන වතාවට ඊළඟ කන්ඩායම සමග විභාගයට පෙනී සිටියත් එයද බැරි විය.

0 comments:

Post a Comment

 
Blogger Templates