Pages

Subscribe:

Tuesday 13 September 2016

ජනපති මෛත්‍රී සහ මහින්ද ඊයේ එකම තැනක - ඡායාරූප

ශ්‍රී ලංකාද්වීපයේ, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මිල කළ නොහැකි අනූපමේය මෙහෙයක් කළ මෑත යුගයේ වැඩ විසූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ නමක වන නාඋයනේ අරියධම්ම නා හිමිපාණන් වහන්ස්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (12දා) පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ අපමණ ගෞරව ප්‍රණාම මධ්‍යයේ සිදුකෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ධුරයද හෙබවූ උන්වහන්නේ පසුගිය සැප්තැම්බර් මස 07 වැනිදා අලුයම සිහිනුවණින් අපවත් වී වදාළහ. ත්‍රෛනිකායික මහානායන, අනුනායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මහා සඟරුවනත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, රජයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන් හා මහජනතාව විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එකම වේලාවක ආදාහන පූජෝත්සවයට පැමිණ සිටියත් ඔවුන් දෙපළ මුහුණට මුහුණ හමුවුණේ නැත. මහින්ද පැමිණ සිටිනු දැන ගත් ජනපති තුමන් දීර්ග වේලාවක් එතැන නොසිට වහා පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

0 comments:

Post a Comment

 
Blogger Templates