Pages

Subscribe:

Tuesday 20 September 2016

එජාපය වෙනස් නෑ-අපේ සමහරු වාසියට වෙනස් වුණා

එදත් අදත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බවත්, වෙනස් වී ඇත්තේ සමහරුන්ගේ ප්‍රතිපත්ති පමණක් බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විවිධ පුද්ගලික වාසි ප්‍රයෝජන සඳහා හෝ ඇමතිකම් සඳහා එලෙස ප්‍රතිපත්ති වෙනස්වී ඇතත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ නිසාම ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන පිරිසක් සමග තමන් විපක්ෂයේ සිටින බව රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (19) දිවංගත විවියන් ගුණවර්ධන ජන්ම ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

විවියන් ගුණවර්ධන මිය එදවස අරගලයක් වෙනුවෙන් කොල්ලුපිටිය පොලීසියෙන් ගුටි කෑ බවත්, ඇයට පහරදුන් පොලිස් නිලධාරීයාට උසස්වීමක් ලබාදීමට එවක එජාප ආණ්ඩුව කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එදා පොලීසියයි අද පොලීසියයි අතර වෙනසක් නැති බවත්, එදා එජාප ආණ්ඩුවක ප්‍රතිපත්තියයි මෙදා එජාප ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි අතරද වෙනසක්ද නැති බවත් ඔහු අවධාරණය කළේය.

එදා මෙදා තුරු දේශපාලනය තුළ විවියන් ගුණවර්ධන වැනි චරිතයක් තමාට කිසි කලෙකත් හමුවී නැති වුවද,අද දවසේත් ඇය වැනි පිරිස් වල අවශ්‍යතාව තදින් දැනෙන බවත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



0 comments:

Post a Comment

 
Blogger Templates