Pages

Subscribe:

Tuesday 13 September 2016

‘දෙමළ ඊළම’ ජාත්‍යන්තර වශයෙන් පිලිගැනීම ඇරඹේ..

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ දී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ඩෙන්මාර්කයත් දෙමළ ඊළම් රාජ්‍යය පිලි ගනියි.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපය කිව්වා මාස හැටෙන් අළුත් රටක් කියලා.  මතක තියා ගන්න රට අළුත් කරන්න නොවේ ජන වරම ඉල්ලුවේ.  අළුත් රටක් හදන්නයි ජන වරම ඉල්ලුවේ.  ඒ කියන්නේ ලෝක සිතියමට තවත් රටක් එකතුකරන්න. ජනතාවත් පෙල සැදී ගිහින් අලියාට කතිරය ගැහුව්වා.  තවම මාස හැටෙන් ගත වුණේ මාස 13යි. මෙන්න ඒ අළුත් රට මතුවෙලා.මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම රටක් විදිහට මතුවේවා. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා.  ඒ ලැයිස්තුවේ තිබෙනවා දෙමළ ඊළම.  මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවැත් වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා.  තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ.  ඒ රටේ ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ කලේ.

0 comments:

Post a Comment

 
Blogger Templates