Pages

Subscribe:

Tuesday 27 September 2016

මහින්දානන්දට ඇප ලැබෙයි

හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කර තිබේ.

රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප 4ක් මත ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

කොළඹ 7 ප්‍රදේශයේ නිවසක් මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ හෙතෙම අද දක්වා රිමාන්ඩ් කර තිබිණ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා තිබු නඩුව ද අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කැඳවු අතර එහිදී එම නඩුවෙන් ද මන්ත්‍රීවරයා ඇප මත මුදාහැර තිබේ.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



0 comments:

Post a Comment

 
Blogger Templates