Pages

Subscribe:

Thursday 15 September 2016

හම්බන්තොට පොලීසිය පාර්ශ්වයෙන් වරදක් සිදු වෙලා..

හම්බන්තොට බඳගිරිය වී සොරකමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලීසිය පාර්ශ්වයෙන් වරදක් සිදුවී ඇති බවත්, සිද්ධියේදී හම්බන්තොට පොලීසිය ව්‍යාජ සටහන් යොදා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තද හම්බන්තොට පොලීසිය දෙදෙනකු පමණක් අත්අඩංගුවට ගත් බවට පොලිස් පොතේ සටහන් කර තිබෙන බවද ඔහු අද (14දා) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන සාක්ෂි සටහන්කර ගැනීම තවත් දින දෙකකදී නිමකළ හැකි අතර පොලිස් නිලධාරීන් බලය අයුතු ලෙස යෙදීම හෝ සාපරාධී ක්‍රියාවක් කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශකළේය.
2016-09-14

0 comments:

Post a Comment

 
Blogger Templates