Pages

Subscribe:

Tuesday 13 September 2016

උතුරු පළාතෙන් සිංහලයන් පන්නන්න අත්පත්‍රිකා බෙදල

උතුරු පළාතෙන් සියලු සිංහලයන් පන්නා දමා දෙමළ නිජ බිම රැක ගැනීමට එක්‌වන්නැයි සඳහන් කරමින් කිසියම් පිරිසක්‌ උතුරු පළාත පුරා අත්පත්‍රිකා බෙදා හැර තිබේ. දෙමළ නිජ බිම වෙනුවෙන් සටන් වදිමු යන්න තේමා කරගනිමින් ලබන 24 වැනිදා (සිකුරාදා) යාපනයේදී පැවැත්වීමට නියමිතව ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයකට ජනතාව එක්‌රැස්‌ කිරීම සඳහා මෙම අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කර ඇතැයි උතුරේ ආරංචි මාර්ග පවසයි. උතුරේ සිටින සියලු සිංහලයන් පලවා හැර වෙහෙර විහාරස්‌ථාන ඉවත් කර දමා දෙමළ නිජබිම රැකගත යුතුයෑයි එම අත්පත්‍රිකාවල සඳහන්ව තිබෙන බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

0 comments:

Post a Comment

 
Blogger Templates