Pages

Subscribe:

Sunday 18 September 2016

හම්බන්තොට තරුණයා සැඟව සිටි බව නිවැසියන් මුලසිටම දැනගෙනත් බොරුවට රඟපාලා

හම්බන්තොට තරුණයා සැඟව සිටි බව
නිවැසියන් මුලසිටම දැනගෙනත්
බොරුවට රඟපාලා



පසුගියදා පොලිසියෙන් පැනයාමෙන් පසු අතුරුදන් වූ අයෙකු සේ සලකා රට පුරා සෙවූ හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ ගයේෂාන් නමැති 20 හැවිරිදි තරුණයාගේ නාටකය අවසන් වූයේ ඔහු පන්සලක සැගව සිටියදී පොලිසියට භාරවීමෙනි. 
ඒ පිළිබදව දැන් කෙරෙන පරීක්ෂණවලදී ඔහුගේ නිවැසියන් පවා මුල සිට බොරු රගපෑමක නිරතවෙමින් රටම නොමග යැවූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම තරුණයා අත්අඩංගුවට ගත් දින රාත්‍රියේ තමාට බඩේ අමාරුවක් ඇති බව පවසා 
පොලිසිය ඇතුළේ වැසිකිලියකට ඔහු ගොස් තිබෙන අතර ඔහුව රැගෙන ගිය නිලධාරියාගේ අවධානය වෙනස්වූ අවස්ථාවක් බලා ඔහු පොලිසියෙන් පැනගොස් ඇත. පසුව ඒ ගැන නිවසටද දැන්වූ ඔහු ඥාති නිවසක දින කිහිපයක් සැගවී සිට ඇත. සැගව සිටි කාලයේ ඔහුව බලන්නට සොයුරන්ද පැමිණ ඇත.

කරුණු එසේ දැනදැනත් ගයේෂාන් අතුරුදන් බවට සිද්ධියෙන් පසුවදා උදේ ඔහුගේ නිවැසියන් පොලිසියට ගොස් කලබල කර තිබුනේ සියල්ලන් නොමග යවමිනි. ඉන් පසුව මාධ්‍ය වෙත පවා අදහස් පළ කර ඇත්තේ ගයේෂාන් සිටි තැන දැනගෙන නොදන්නා බවක් පෙන්වමිනි.
ජනමාධ්‍ය ඔස්සේ සිද්ධිය පොලිසියේ වරදක් ලෙස හංවඩු ගසමින් කරුණු පළවූ අතර තත්වය දරුණු වූයේ පොලිස් නිලධාරී ස්ථාන මාරුවීම් හා වැඩ තහනම් කිරීම් සමග මේ ගැන විශාල අවධානයක් ඇතිවන තැනට වැඩ සිදුවීම නිසාය.

මේ අවස්ථාවේ ගයේෂාන්ගේ විදෙස්ගතව සිටින සොයුරා සරසවි ගිය කාලයේ සමකාලීනයෙකුවූ බව කියන මෙම පවුලේ හිතවතෙකුද වූ ස්වාමීන් වහන්සේ නමක් ඔවුන්ට උපදේශ ලබාදී  ඇති අතර ඒ හිමියන් තම පන්සලට ගයේෂාන්ට එන්නට කියා ඔහුව පොලිසියට භාර දුන්නේ තවත් දික්ගැසුනොත් කුමකින් කුමක් වේදැයි සිතාගන්නට බැරි තැනට කරුණු යෙදුණ නිසාය.
ඔහු සහ ඔහු සමග අත්අඩංගුවට පත් අනෙක් තරුණයාට පොලිසිය පහරදීමක් කර ඇති බවට කළ ප්‍රකාශද අසත්‍ය බව මේ වනවිට අනාවරණයවී තිබේ.

දෙවන වර අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඔහු සිද්ධිය ගැන ලබාදී තිබුණ කට උත්තරය පහත පරිදිය.
‘මාව පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන ඇවිත් හම්බන්තොට පොලීසියේ කූඩුවට
දැම්මා. මං ඒ වෙනකොට පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් හිටපු පොලිස්
සැරයන්වරයාට කිව්වා මට බඬේ අමාරුවක් තියෙනවා ටොයිලට්එකට යන්න  ඕනෑ කියලා.

එතකොට පොලිස් රාලහාමි කිව්වා පොලිස් කූඩුව ඇතුළේ තියෙන ටොයිලට්එකට යන්න
කියලා.මං දිගින් දිගටම බෑ කිව්වා. මං අමාරුවෙන් කෑගැහුවා මට පොලීසිය ඇතුළේ වෙන
ටොයිලට් එකකට යන්න  ඕනෑ කියලා. ඊට පස්සේ රාලහාමි මා පොලීසිය ඇතුළේ වෙනත්
ටොයිලට්එකකට එක්කගෙන ගියා. මං ඇතුළට ගිහින් දොර වහගත්තාට පස්සේ තේරුණා
පොලිස් රාලහාමි දොර ළඟින් ගියා කියලා. ඒ වෙලාවේ මං හිතුවා මං පොලීසියෙන්
කොහොමහරි පැනගන්නවා කියලා.
මං ටොයිලට්එකෙන් එළියට ආවා. ඇවිත් මං හොඳ විපරමින් බැලූ‍වා අර

0 comments:

Post a Comment

 
Blogger Templates