ශ්‍රී ලංකාද්වීපයේ, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මිල කළ නොහැකි අනූපමේය මෙහෙයක් කළ මෑත යුගයේ වැඩ විසූ ශ්‍රේෂ්ඨතම යතිවරයාණන් වහන්සේ නමක වන නාඋයනේ අරියධම්ම නා හිමිපාණන් වහන්ස්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඊයේ (12දා) පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ අපමණ ගෞරව ප්රණාම මධ්‍යයේ සිදුකෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එකම වේලාවක ආදාහන පූජෝත්සවයට පැමිණ සිටියත් ඔවුන් දෙපළ මුහුණට මුහුණ හමුවුණේ නැත. මහින්ද පැමිණ සිටිනු දැන ගත් ජනපති තුමන් දීර්ග වේලාවක් එතැන නොසිට වහා පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
No comments:
Post a Comment