Pages

Subscribe:

Thursday 11 August 2016

තරුණිය සියළු දේ පෙම්වතා වෙනුවෙන් පරිත්‍යාග කරලා

දුරකතනයෙන් වූ කතාබහකින් පසු හඳුනාගත් දාහත් වියේ පසුවන ළාබාල තරුණියක රවටා ඇය කොළඹ ගෙන්වා ගෙන ඇයව අපචාරයට ලක්කොට පලා ගිය ජංගම දුරකතන පෙම්වතකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලිසිය කීය. මෙසේ අතවරයට පත්වී ඇත්තේ දංකොටුව පොලිස් වසමේ ගමක ජීවත් වන තරුණියකි. ඇගේ පියා පළාත් පාලන ආයතනයක සේවය කරන අතර ඇය සිය පාසල් අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල් කර ගෙන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක මැහුම් සේවිකාවක ලෙසින් සේවයට ගොස් ඇති බව කියයි.
දිනක් ඇගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් පැමිණ ඇති අතර පසුව ඒ කවුදැයි දැන ගැනීම පිණිස ඇමැතුමක් ගත් විට මිස් කෝල් එක දුන් තැනැත්තා තමා අතින් නොම්බරය වැරැදුණු බව දන්වා දුරකතනය විසන්ධි කර ඇත. පසුව එම අංකයෙන්ම ඇමැතුමක් ලැබී ඇති අතර කතා කිරීමේදී තමා වැරැදීමෙන් ඇමැතුම දුන් තැනැත්තා යැයි කියා ඇය ගැන විස්තර විමසා ඇත.
පසුව ඔහු විටින් විට ඇමැතුම් ලබා දෙමින් ඇය හා කතා බහ කර ඇත. මේ නිසා ඇය නොදැනුවත්වම ඔහු කෙරෙහි ආදරයක් ඇතිවී සුළු කාලයකින් ඔවුන් පෙම්වතුන් බවට පත්වී ඇත. ඇගේ විස්තර කීවත් ඇයට ඔහුගේ තොරතුරු දැන ගැනීම පසෙක තබා ඔහු කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගෙන ඇත.
කෙසේ හෝ මෙම අපූරු ජංගම දුරකතන පෙම්වතා ඇයව හමුවීමට අවශ්‍ය බව දන්වා දෙදෙනා හමුවී මුණගැසී කතා බහ කිරීමට තීරණයක් ගෙන ඒ අනුව ඇය ඔහු හමුවීමට ගෙදරටත් හොරා දිනක නිවාඩුවක් ගෙන කොළඹ ගොස් ඇත. එහිදී ඔවුන් දැන හඳුනාගෙන පසුව එදින රාත්‍රි ඔහු සමඟ හෝටල් කාමරයක ගත කිරීමටද ඇයට සිදුව ඇති අතර සියලු දේ ඔහු වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. තම අවශ්‍යතාවන් ඉටු කර ගත් ඔහු පසුදින උදේ ඉතාමත්ම සූක්‍ෂ්ම ලෙසින් ඇය මඟ හැර ගොස් ඇති අතර ඇය ඇඬූ කඳුළින් ගෙදර පැමිණ සිදුවූ සියලු දේ නොවලහා මවට කියා පසුව පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates