Pages

Subscribe:

Friday 12 August 2016

සර්පයන්ගේ ‘එක්ස්පර්ට්‘ වූ පරිසරවේදියා සර්පයෙකු දෂ්ඨ කර මියගිහින්

ගාල්ල වක්වැල්ල පාරේ වාසය කළ අමල් කිත්රුවන් විජේසේකර නමැති 46 හැවිරිදි සර්පයන් පිළිබඳ ලංකාවේ නමක් දිනූ පරිසරවේදීයා අවාසනාවන්ත ලෙස සර්පයෙකු දෂ්ඨ කර මියයාමේ සිදුවීමක් වාර්තාවෙනවා.

අවිවාහකයෙකු වන ඔහු දෙමාපියන් සමග පදිංචිව සිටියේය.

සිදුවීම පිළිබඳ ඔහුගේ පියා මෙසේ කියා ඇත.

‘මියගොස් ඇත්තේ 
මගේ වැඩිමහල් පුතා.

මට පුතාල දෙන්නෙක් හා දුවෙක් ඉන්නවා.

 පුතාට අසනීපයක් නැහැ.

විනෝදයට සර්පයන් ඇති කරනවා.

 නිවසේත් සර්පයන් ඉන්නවා.

 ඉකුත් 02 වැනි දින රාත‍්‍රි පුතා ගෙදර හිටියා.

 පසුදින උදැසන ඉස්සරහ ගෙදර දුව ඇවිත් කිව්වා අමල් අයියා ගෙදර ඉස්සරහ ගේට්ටුව ළඟ වැටිලා ඉන්නවා කියලා. මම එතනට ගියා. පුතා මුණින් අතට වැටිලා හිටියා.

ඇඟට අත තියා බැලූවා. ඇඟ සීතල වෙලා තිබුණා. කතා කළේ නැහැ. පසුව මේ ගැන පොලිසියට දැනුම් දුන්නා.

මියගිය පරිසරවේදියා විනෝදයට නිවස තුළ සර්පයන් ඇති කරන අයෙකි.
 
මොහු මියගොස් ඇත්තේ සර්පයකු දෂ්ඨ කිරීමෙන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
 
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මියගිය අමල් ගේ අවසන් කටයුතු පසුගිය 5 වනදා සිදු කෙරිණි.

ඔහු ගැන ෆේස් බුක්හි තැබුණු සංවේදී සටහනක් පහතින්

‘නයි විෂ නිසා ඔබ මියගියා යැයි කෙසේනම් අදහන්න ද ?

ගාල්ලේ අලූත්පාර කවදාවත් පරණවෙන්නේ නැත.

අලූත්පාරේ තවත් අපූරු චරිතයක් සිටියේය.
 ඒ අමල් අයියාය
අමල් අයියා අලූත්පාරේ ටේ‍්‍රඞ් මාක් එකය. මා අමල් අයියා දන්නේ 10-11 පන්තියේ සිටිය දීය.ඒ සත්තු අල්ලන්නකු ලෙසිනි.

ගාල්ලේ සර්පයකු සිටීනම් අපට එකළ මතක් වූයේ අමල් අයියාය.

ගාල්ලේ කොහේ හෝ නිවසකට සර්පයකු රිංගා ඇතැයි කියූ විට ඒ සතා අල්ලා කැලයකට ගෙන ගොස් දැමීමට අපේ බොහෝ දෙනකු කටයුතු කළහ.

අමල් අයියා අලූත් පාරේ ට‍්‍රේඞ් මාර්ක් එකක් වූයේ මේ කටයුත්තෙනි.

ඔහු තරම් සර්පයන් අල්ලන්නට දක්ෂයකු දකුණේ සිටියේ නැතැයි මම සිතමි.

නයි ඇතුළු විසකුරු සර්පයන් ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පවා මග අරිද්දී අමල් අයියා උන් අල්ලා ජීවිතය බේරා වනයට මුදා හැරියේය.

මේ නිසා ඔහු විසින් ඉවත්කරන නයි ඇතුළු සර්පයෝ ඔහුගේ කාමරයේ ද නිවසේ තැන තැන ද කූඩුවල සිටියහ.

මේ සර්පයන්ට කන්න බොන්න දී රැකබලා ගැනීම ද අමල් අයියා කළේය.

සාදයක් පවත්වා අඟහරුවාදා රාත‍්‍රියේ නිවසට ආ අමල් අයියා නයකුගේ දුක සැප බලා ඇතැයි අනුමානයයි.

ඒ තිරිසන් සතා මේ මිනිසා අදුනන්නේ නැත.

තම ජීවිතය රැකුණේ මේ අපූරු මිනිසා නිසා යැයි ඌ දන්නේ නැත.

ඒ නිසාම තම පෙනය පුප්පා දෂ්ඨ කරන්නට ඇත.

අවසානයේ සිදුවූයේ නයි අල්ලා නයින්ටත් මිනිසුන්ටත් සැනසුම උදා කළ අපූරු මිනිසා
නයකුගේ දෂ්ඨනයෙන් මිය යාමයි.

අමල් අයියේ ඔබේ සමු ගැනීම වේදනාත්මකය.දරාගත නොහැකිය.

උඹ පැතූ ලෝකය උඹට උදා වූයේ නැති බව මම දනිමි.

සිය ගණනක් සත්ත්ව ජීවිත බේරූ උඹ පින් රැස් කරන්නට ඇති අපටත් වඩා.....’ 


 
 

0 comments:

Post a Comment

 
Blogger Templates