Pages

Subscribe:

Thursday 15 September 2016

යුද්දේ අස්සේ සුද්දෙ දාපු අය බේරගන්න මේ ආණ්ඩුව සූදානම් නෑ..

යුද්දේ පවතින කාලයේදී යුද්දෙට මුවා වෙමින් සුද්දේ දාපු පුද්ගලයින් බේරාගැනිමට මේ ආණ්ඩුව මැදිහත් නොවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අතුරු මාර්ග ජනතා අයිතියට පවරා දීමේ උත්සවයකදී පවසන ලදී.

එහීදී මන්ත්‍රීවරයා තවදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී. පසුගිය ආණ්ඩුවේ අය කියනවා 2009 මැයි මාසේ 19 වෙනිදා ඒගොල්ලෝ යුද්දේ හරියට ඉවර කළා කියලා. යුද්දේ හරියටම ඉවර කරා කියලා විශ්වාස කරනවා නම් ආයි කෑ ගහන්න වුවමනාවක් නෑනේ. විශේෂයෙන්ම ගම්මන්පිල මහත්තයා හැමදාම කොටි එනවා කියලා කෑ ගහලා. රණවිරු දඩයම කියලා කියනවා. අපි අහන්න කැමතියි 2015 ජනවාරි මාසේ 09 වෙනිදායින් පස්සේ එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කලා කියලා, 

ඔවුන්ගේ ආයුධ ගිනි තිබ්බා කියලා,උතුරු නැගෙනහිර පළාත් අපේ හමුදාව යටතට පත් කර ගත්තා කියලා මොන රණවිරුවද අපේ ආණ්ඩුව යටතේ හිරේ දැම්මේ කියලා අහන්න කැමතියි. යුද්දේ කරපු රණවිරුවන්ට ගෞරවය ලබා දෙන ආණ්ඩුවක් මේක හැබැයි යුද්දේ අස්සේ සුද්දේ දාපු අය බේරගන්න මේ ආණ්ඩුව කැමති නෑ. යුද්දේට මුවා වෙලා ලසන්ත, ප්‍රගීත්, තාජුඩීන් යනාදීන් මරපු සහ උස්සපු අය ඉන්නවා. රත්තරං උස්සපු අය, මිග් ගණුදෙනු කරපු අය, ඉන්නවා. ඒ නිසා යුද්දේට මුවා වෙලා සුද්දේ දාපු අයට විරුද්ධව කටයුතු කළේ නැති නම් සැබෑ ලෙස යුද්දේ කරපු රණවිරුවන්ට කරපු ද්‍රෝහී කමක්. සැබෑ ලෙස යුද්දේ කරපු රණවිරුවන්ව හිරේ දාලත් නෑ හිරේ දාන්නෙත් නෑ.

0 comments:

Post a Comment

 
Blogger Templates