Pages

Subscribe:

Tuesday 13 September 2016

ඕස්ට්‍රෙලියාවේ...ජීවත් ශ්‍රීනාත් හදීසියේම ලංකාවට ඇවිත්

ඔස්‌ට්‍රේලියාවේ ජීවත් වුවද ඔහු වසර දෙක තුනකට වරක්‌ හෝ ශ්‍රී ලංකාවට පැමිණෙන.. අව්‍යාජ හා නිරහංකාර කලාකරුවෙකි, ශ්‍රීනාත් මද්දුමගේ. හෙතෙම මීට සති තුන හතරකට පෙර ලංකාවට පැමිණෙන්නේ උදයකාන්ත වර්ණකුලසූරියගේ "වස්‌සානේ ගීතය" චිත්‍රපටයේ සහ අජිත් මෙන්ඩිස්‌ගේ දැනට විකාශනය වෙමින් පවතින "දඩකෙළි අරණ" ටෙලි නාට්‍යයේ කොටස්‌ කිහිපයක රඟපෑම සඳහාත්, තම පවුලේ මංගල උත්සවයකට සහභාගීවීම සඳහාත් ය.
දුරකථන ඇමතුමකින් කතාකරගත් පරිදි පසුගියදා සැඳෑ කාලයක ලා අඳුරත් සමග ඒ සුන්දර සහෘදයා මට මුණ ගැසෙන්නේ කොට්‌ටාව නගරයේදී ය.
ඉස්‌සර වගේමය. කිසිදු වෙනසක්‌ නැත. අව්‍යාජ හිනාව, ප්‍රිය මනාප කතා බහ, සමග 'වයසට නොයන' තරුණ පෙනුමක්‌ ඇති උස මහත, සහිත මගේ මිත්‍රයා මා මුණ ගැසෙන්නේ දුර සිටම සුපුරුදු මහා හිනාවත් සමගමය.

0 comments:

Post a Comment

 
Blogger Templates