Pages

Subscribe:

Tuesday 27 September 2016

සෙබළුන් 5ක් රිමාන්ඩ්


යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පෙනී සිටි යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රත් එස්.සදිස්කරන් මහතා විසින් ඔක්තෝබර් මස 10 වන දින දක්වා එම යුද හමුදා සාමාජිකයින් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

1998 වසරේ යාපනය, අච්චුවේලී ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් අච්චුවේලී යුද හමුදා කඳවුරේ සෙබළුන් 16 දෙනෙකුට ඊයේ දිනයේ යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී සෙබලුන් 11 දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ට ලබන 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එතෙක් අනෙක් සෙබළුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව අච්චුවේලී පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates