Pages

Subscribe:

Wednesday 29 June 2016

මරණීය තර්ජන එදා වගේමයි- හමුදා ආරක්‍ෂාව තවත් ඕන

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ මරණීය තර්ජන අදටත් විවිධාකාරයෙන් සිය ජීවිතයට බලපා ඇති නිසා තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්‍ෂාව ඉවත් නොකරන ලෙසට තමා ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (27) කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී පැවැසීය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යම් මෙහෙවරක්‌ කළ තමාගේ ආරක්‍ෂාවට යොදවා සිටින හමුදා ආරක්‍ෂාව ඉවත් කර පොලිසිය යොදවන බවට ලද තොරතුරු අනුව තමා එම ඉල්ලීම කළ බවද එහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ වනතෙක්‌ම තමාට හමුදා ආරක්‍ෂාව ලබාදී ඇතැයිද එහිදී සිහිපත් කළේය.
ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයකු ලෙසින් කටයුතු කිරීමට නිසි ආරාධනාවක්‌ ලැබී තිබේ දැයි එහිදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා 'නැහැ තවම නෑ. ඒක කවුරුහරි කරපු ප්‍රකාශයක්‌ විතරයි. මම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මිසක්‌ දේශපාලනඥයකු නොවේ' යෑයි ද පැවැසීය.
2016-06-28

0 comments:

Post a Comment

 
Blogger Templates