Pages

Subscribe:

Wednesday 29 June 2016

මහින්දගෙන් ආණ්ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු විරෝධී පුළුල් ජාතික ව්‍යාපාරයක් ඇති කිරීමට ඊයේ (27) රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. එම ව්‍යාපාරය යටතේ ලබන අගෝස්තු මාසයේදී මහනුවර සිට කොළඹට විරෝධතා පා ගමනක් පැවැත්වීමටද ඊයේ රැස්වූ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ උදෑසන මෙම හමුව පැවැත්විණි.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ උදෑසන මෙම හමුව පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම් සම්බන්ධව ඇතිවු තත්ත්වයන්ද ඊයේ දිනයේදී සමථයකට පත් කර ගැනීමට හැකි වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගෙන් කළ විමසීමේදී පැවැසීය. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ඔස්සේ ඒකාබද්ධ විපක්ෂයේ සියලු සංවිධාන කටයුතු මෙහෙයවීමට තීරණය වූ බව හෙතම සඳහන් කළේය.
මෙයට අමතරව ආණ්ඩුවට එරෙහිව දිස්ත්‍රික් මට්ටමෙන් සෑම මාසයකදීම විශාල විරෝධතාවක් පැවැත්වීමටත් ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. මෙම විරෝධතා ව්‍යාපාර මාලාවේ පළමුවැන්න ලබන මාසයේදී කළුතර දී පැවැත්වීමට නියමිතව ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates