Pages

Subscribe:

Sunday 18 September 2016

සිරමැදිරියේදී ගෙලවැලලා ගත්තාට පොලිසියේ 2ට වැඩ වරදියි

පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු  ගෙල වැලලාගෙන සිය දිවි හානි කර  ගැනීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව පුස්සැල්ලාව පොලීසිය මගින් ඊයේ(17) පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

30 හැවිරිදි මෙම සැකකරු සිරමැදිරිය තුළ රඳවා සිටියදී ඊයේ රාත්‍රීයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වුණි. 

මියගිය පුද්ගලයාගේ මළ සිරුර පුස්සැල්ලාව, වහුගපිටිය රෝහලේ තබා ඇති අතර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(18)සිදු කිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරු සිරමැදිරියේ සිටියදී නිසි ආකාරව අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් රාත්‍රී රාජකාරී භාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ උප සේවක ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.



0 comments:

Post a Comment

 
Blogger Templates