Pages

Subscribe:

Wednesday 14 September 2016

‘විජය පුවත්පත්’ සමාගමෙන් මිලියන 100 වන්දි ඉල්ලා රොහාන් වැලිවිටගෙන් එන්තරවාසියක්…

CSN රූපවාහිනී නාලිකාවේ වර්තමාන සභාපති රොහාන් වැලිවිට විසින් විජය පුවත්පත් සමාගම විසින් මුද්‍රණය කර ප‍්‍රකාශ කරන ‘අද’ පුවත්පතට රුපියල් මිලියන 100 වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

නීතීඥ නිලන්ත විජේසිංහ මහතා මාර්ගයෙන් මෙම එන්තරවාසිය යවා ඇත්තේ 2016 අගෝස්තු 11 වන දින ‘අද’ පුවත්පතේ පළමු පිටුවේ ‘සී.එස්.එන්. නාලිකාවට අයත් රු. මිලියන 157.5 රාජසන්තකයි’ යන ශීර්ෂ පාඨය යටතේ පළවූ ප‍්‍රවෘත්තිය අසත්‍ය ප‍්‍රවෘත්තියක් ලෙස සදහන් කරමිනි.

එම ප‍්‍රවෘත්තියේ ‘රොහාන් වැලිවිට මහතාට අයත් ගිණුමක තිබූ මෙම මුදල ඔහුගේ නොවන බවත්, එය යෝෂිත රාජපක්ෂ මහතාට අයත් මුදලක් බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කළ පරීක්ෂණයේදී රොහාන් වැලිවිට මහතා කට උත්තර දී ඇති බව එම ප‍්‍රවෘත්තියේ සදහන් කර ඇත.

2016 අගෝස්තු 10 වන දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බී වාර්තාවේ කිසිම ස්ථානයක ක්‍ීභ නාලිකාවේ හෝ රොහාන් වැලිවිටගේ නම සදහන් කර නොමැත.

වසර 40 ක පමණ කාලයක් මාධ්‍යවේදියෙකු හා කලාකරුවෙකු ලෙස දේශීය හා විදේශීයව ලබා තිබෙන කීර්ති නාමයට හා ව්‍යාපාරිකයෙකු ලෙස තබා තිබෙන විශ්වාසය මෙම ප‍්‍රවෘත්තිය නිසා කඩවූ බව සදහන් කරමින් මෙම එන්තරවාසිය විජයපුවත්පත් සමාගමේ අයිතිකරුවන්ට හා ‘අද’ පුවත්පතේ කතෘවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යවා ඇත.
අදාළ වන්දි මුදල දින 14 ඇතුළත ලබා නොදුනහොත්එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව රොහාන් වැලිවිටගේ නීතීඥ නිලන්ත විජේසිංහ මහතා පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates