Pages

Subscribe:

Sunday 18 September 2016

නිවෙස ඉඩම අහිමි මවක් රෝගී පුතා එක්ක උපවාසයක

තමා පදිංචිව සිටි නිවෙස සහ ඉඩම අහිමිවීමෙන් මහමඟට වැටුණු මවක් සහ මන්දමානසික පුතෙක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව නිහඬ විරෝධතාවක නිරතව සිටිති. උෟරල ගල්කැටියගොඩ පදිංචි සෝමා නානායක්කාර මව සහ වසර 13ක් වයසැති මන්ද මානසික දරුවා වන ජී.කේ.ඩී. නිශාන්ත සම්පත් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙසේ කුසට අහරක්වත් නැතිව කාලය ගතකරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ සෝමා නානායක්කාර මහත්මිය, උෟරල මා පදිංචි ඉඩමට මට ඔප්පු නැහැ. නමුත් බලපත්‍රයක් ලබාගෙන තිබුණා. මට දරුවන් පස්දෙනෙක් සිටිනවා. මා එක් දරුවකුගේ නිවෙසේ පසුගිය දවස්වල ජීවත් වුණේ. ඉඩම අයිති මගේ මහත්තයට. ජී.කේ.ඩී. ප්‍රේමසිරි මගේ විවාහක ස්වාමිපුරුෂයා. ඔහු මාව හැරදමා ගිහින්. මගේ සහෝදරයෙක් මේ ඉඩමට බලපත්‍රයක් හදාගෙන. මගේ පුරුෂයා හිතන්නෙ මම ඔහුට මේ බලපත්‍රය හදාගන්න උදවු කළා කියලා. මම අගෝස්තු මාසෙ 25දා ගාල්ල දිසාපතිතුමාට පැමිණිලි කළා. දිසාපතිතුමා මට කිව්වා ඉඩම සුද්ද කරගෙන පදිංචි වෙන්න කියලා. මම පදිංචියට ගියාම වඳුරඹ පොලිසියෙ නිලධාරීන් මගේ සහෝදරයා සමඟ පැමිණ මා හට ඉඩමට යන්න එපා යැයි තර්ජනය කර එළවා දැම්මා. මම නැවැත ගාල්ල දිසාපතිවරයා මුණගැහෙන්න ගියා. එහි සිටි නිලධාරීන් මට යන්න දුන්නෙ නැහැ. නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මගේ සහෝදරයට මෙම ඉඩමට බලපත්‍රයක් නිකුත් කර ඇති බව මට ආරංචි වුණා. කෙසේ වුවත් මන්ද මානසික දරුවා සමඟ මම මහමඟට ඇදවැටිලා. ඉඩම ලබාදෙනතුරු තමා මේ ස්ථානයේ මැරෙනතුරු උපවාස කරන බව ඇය පැවැසුවාය.

0 comments:

Post a Comment

 
Blogger Templates