Pages

Subscribe:

Sunday 18 September 2016

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් කණගාටුවෙන්

සුපිරි පාසල්වලට ඇතුළත්වීමට වෛද්‍යවරුන්ගේ දරුවන්ට ලබා දෙන පහසුකම් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු සේවකයින්ටද ලබාදිය යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරමින් වෛද්‍ය නිලධාරීන්ට පමණක් වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

වසර 03ක සේවා කාලය සම්පූර්ණ කළ අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ට තම දරුවන් සුපිරි පාසල් වලට ඇතුළත් කිරීමට චක්‍රලේඛයක් මගින් අවස්ථාව ලබාදී ඇතත් එය ක්‍රියාත්මක නොවන බව අජිත් කේ. තිලකරත්න මහතා කියා සිටියේය.

0 comments:

Post a Comment

 
Blogger Templates