Pages

Subscribe:

Sunday 4 September 2016

ශ‍්‍රීලනිප ගොඩදාන්න ආ දුමින්ද 90%කින් පරදී.. දෙරණ ඡන්ද ප‍්‍රතිඵලය හංගයි.. සැඟවූ ප‍්‍රතිඵලය මෙන්න..

ඊයේ දිනයේ දෙරණ රූපවාහිනියේ පැවැත්වූ ‘360’ විශේෂ දේශපාලන සංවාදය සඳහා ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා සහභාගී විය.

සාමාන්‍යයෙන් ‘360’ වැඩසටහන දෙරණ නාලිකාව විසින් පවත්වන්නේ සඳුදා දිනයේ වුවත් ඊයේ දිනයේ කුමන විශේෂ හේතුවක් නිසා පැවැත්වූයේ දැයි වැඩසටහන මෙහෙය වූ සංඛ අමරජිත් පැහැදිලි කලේ නැත.

ශ‍්‍රීලනිපයේ අර්බුදය ගැන මෙන්ම හෙට පැවැත්වෙන සමුළුව ගැන මහ ලේකම්වරයා අදහස් පල කරද්දී පුරුදු පරිදි ‘360’ ඔන්ලයින් මත විමසුම ඇරඹුවේ ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රීලනිප සංවත්සරයට සහභාගී නොවී විදේශගතවීම ඔබ අනුමත කරනවාද’ යන පැනය යොමු කරමිනි.

නමුත් වෙනදා මෙන් විටින් විට එම මත විමසුමේ ප‍්‍රතිඵල විකාශය කරන්නට දෙරණ කටයුතු කලේ නැත.

වැඩසටහන අවසන් කලේද එම ප‍්‍රතිඵල හෙලි නොකරමිනි. නමුත් සත්‍ය සොයා ගන්නට අපට හැකි විය. අන්තර්ජාල මත විමසුම අවසන් වන්නට සුළු මොහාතක් තිබියදී ලබා ගත් දර්ශණයකි මේ.
ශ‍්‍රීලනිප මහ ලේකම්වරයා නියෝජනය කරන ලද මතය අනුමත කරන්නේ 10%කි. 89%ක් විරුද්දය. දෙරණ නාලිකාව තම හිතුමතේට මෙම ප‍්‍රතිඵලය විකාශනය නොකිරීසක් නම් විය නොහැකිය.

0 comments:

Post a Comment

 
Blogger Templates