Pages

Subscribe:

Monday 19 September 2016

ත්‍රී රෝද රථයේ මග වෙනස්වී කත මරුට-තිදෙනෙකුට තුවාලයි

මීගමුව - මීරිගම මාර්ගයේ කදවන කුළුන අසළදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

ත්‍රී රෝද රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවත පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ගමන් ගත් කාන්තාවක මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මල්වල, වෙන්දේසිවත්ත, කඩවල  ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි කාන්තාවකි.

පශ්චාත් මරණ  පරික්ෂණය අද සිදු කිරීමට නියමිත අතර කටාන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 comments:

Post a Comment

 
Blogger Templates