Pages

Subscribe:

Sunday 18 September 2016

කෝටි 20ක් දින 100න් එකතු කර දුන්නත් පෙට් ස්කෑනරය තාම නෑ..

මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.
PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.
ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.
මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.
මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.
PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

0 comments:

Post a Comment

 
Blogger Templates