Pages

Subscribe:

Monday 19 September 2016

රෝහල් ආරක්ෂකයාට පහරදුන් පුද්ගලයෙක් දැලේ

මාරවිල මූලික රෝහලේ ආරක්ෂක නිළධාරියෙකුට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියමිත වේලාවෙන් පසු රෝගියෙකු බැලීමට පැමිණි පුද්ගයෙකු මෙලෙස ආරක්ෂක නිළධාරියාට පහරදී ඇති බව මාරවිල පොලිසිය පවසයි.

සැකකරු මාරවිල මූලික රෝහලේ වාට්ටු අංක 03හි ප්‍රතිකාර ලබමින් සිටින රෝගියෙකු බැලීම සදහා නියමිත වේලාවෙන් පසු රෝහලට පැමිණ ඇති අතර එහිදී ආරක්ෂක නිළධාරියා පවසා ඇත්තේ රෝගින් බැලීමට ලබාදී ඇති කාලය අවසන්ව ඇති බවයි.

එම අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ ආක්ෂක නිළධාරියා අතර බහින් බස්වීමක් සිදුව ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබේ.

අනතුරුව පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල, මූදුකටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

සැකකරු  අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මාරවිල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

0 comments:

Post a Comment

 
Blogger Templates