Pages

Subscribe:

Wednesday 17 February 2016

දැරියකට අතවර කළ දෙමළ ඩයස්‍පෝරා ප්‍රධානියා දැ‍ලේ

ලංකා රජයට එරෙහිව ජර්මනියේ සිට දෙමළ ජනතාව පෙළගැස් වූ බව කියන ඩයස්‍පෝරාවට සම්බන්ධ ප්‍රබලයකු යාපනය නගරයේ හෝටලයක් තුළ දී වයස අවුරුදු නවයක පාසල් දැරියක් කෙලසීමේ චෝදනාවට යාපනය ‍පොලිසිය මගින්

පෙරේදා (15) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම ද්‍රවිඩ ජාතික දැරියගේ මව විසින් යාපනය ‍පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත යාපනය, බ්ලූ ඕෂන් හෝටලයේ නවාතැන් ගෙන සිටියදී පනස්හත් හැවිරිදි ජයසේකරන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඇත. ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයකු වන මොහු වසර හතළිහක් තිස්සේ ජර්මනියේ පදිංචිව සිටිමින් ඩයස්‍පෝරාවට එක් වූ ප්‍රබලයකු බව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා රජයට එරෙහිව ආරක්ෂක අංශවලට යුද චෝදනා නගමින් ජර්මනියේ පැවැත් වූ කොටි හිතවාදී උද්ඝෝෂණ හා පෙළපාළිවල දී මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රබල චරිතයක් ලෙසට මොහු හඳුනාගෙන ඇත.
නිවාඩුවක් සඳහා මෙරට පැමිණ බ්ලූ ඕෂන් හෝටලයේ නවාතැන් ගෙන සිටි මෙම සැකකරු නව හැවිරිදි දැරියව රවට්ටාගෙන තම හෝටල් කාමරයට ගෙන ගොස් අතවරයට ලක් කරද්දී දැරිය කෑගසන්නට වීමත් සමග බියවී ඔහු අතෙහි තිබූ රුපියල් හැත්තෑවක මුදලක් දී දැරිය මුදාහැර ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකරුගෙන් මිදී නිවසට පැමිණ ඇති දැරිය මවට සියල්ල හෙළි කිරීමෙන් පසුව දැරියගේ මව විසින් ‍පොලිසියට ගොස් පැමිණිලි කර ඇත. මෙම සිද්ධිය අනාවරණය නොවුණා නම් මොවුන් මෙම දැරිය කෙලෙසීමේ චෝදනාවත් ආරක්ෂක අංශ පිටම දමන්නට ඉඩ තිබුණු බව ආරක්ෂක අංශ කියයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

0 comments:

Post a Comment

 
Blogger Templates