Pages

Subscribe:

Monday 29 February 2016

යාපනය සරසවි සිසුන්ට රැවුල තහනම් !

යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිසුන්ට පැනවීමට යන නව ආචාර ධර්ම පද්ධතිය හේතුවෙන් ශිෂ්‍යයන්ට රැවුල කොණ්ඩය කැපීම ද පාලනාධිකාරියේ නීති රීතිවලට යටත්ව සිදු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ශිෂ්‍යාවන් සිකුරාදා දිනයට සාරිවලින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු බවත්, සර්ව ආගමික වැඩසටහන්වලට සියලූ දෙනා සහභාගි විය යුතු බවත් නව ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. යාපනය විශ්වවිද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ටී.සශිදරන් බීබිසී පුවත් සේවයට පවසා ඇත්තේ නව ආචාර ධර්ම පද්ධතිය නිසා සිසුන්ගේ අයිතිවාසිකම් කප්පාදු වන බවය. සිසුන්ගේ නිදහස මෙන්ම පෞද්ගලිකත්වය ද ඉන් විනාශ වන බව සිසු සංගම්වල මතය වී තිබේ.
නව ආචාර ධර්ම පද්ධතිය ඉවත් කර ගැනීම සඳහා පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට තීරණය කොට ඇති බවත් පාලන අධිකාරිය ඊට එකඟ නොවුවහොත් දිගින් දිගටම සිසු අරගල පවත්වා ඒ තුළින් සිසු අයිතිවාසිකම් දිනා ගැනීමට ඔවුන් විසින් තීරණය කොට ඇති බවත් එම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය වී.ඥානකුමරන් පවසන්නේ සංස්කෘතියට ගැළපෙන අන්දමට මෙම ආචාර ධර්ම පද්ධතිය සකස් කළ බවය.

0 comments:

Post a Comment

 
Blogger Templates