Pages

Subscribe:

Thursday 18 February 2016

කප්පම් ගත් වැලිකඩ බන්ධනාගාර ජේලර් අත්අඩංගුවට

පාතාල නායකයකු වන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබෙන දෙමටගොඩ චමින්දගේ නම විකුණමින් විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයින් බියවද්දා ඊසි කෑෂ් ක්‍රමයට  කප්පම් ගනු ලැබූ වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු පෑලියගොඩ
කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.  හෙරොයින් ජාවාරම් සහ තවත් අපරාධ සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වී ඇති වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින චමින්ද ඇතුළු තවත්  සිරකරුවන් තිදෙනකු එක්වී මෙහෙයවූ මෙම කප්පම් ජාවාරමේ මුදල් එකතු කරන්නා ලෙස මෙම නියාමකවරයා කටයුතු කර තිබූ බවද ‍පොලිසිය පවසයි.
පෑලියගොඩ  ව්‍යාපාරිකයකුට මෙම කල්ලිය පළමුව දෙමටගොඩ චමින්ද යැයි පවසමින් දුරකථනයකින් කතාකොට මරණ තර්ජන කොට රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා තිබේ.
නැවත මෙම කල්ලියට සහකාර ‍පොලිස් අධිකාරිවරයකුගේ නම විකුණමින් දෙමටගොඩ චමින්දට ඝාතන කොන්ත්‍රාත්තුවක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් දුන් බවට පවසමින් එම විමර්ශනය යටගැසීම සඳහා තමන්ට රුපියල් ලක්ෂයක මුදලක් දෙන ලෙස එම ව්‍යාපාරිකයා බියවද්දා ඇත.
මෙම ව්‍යාපාරිකයා පළමුව රුපියල් ලක්ෂයක මුදලක් දෙමටගොඩ චමින්ද යනුවෙන් කතා කළ තැනැත්තාට තමන්ට දුන් ඊසි කෑෂ් අංකයට යවා ඇති අතර එහෙත් මොහු පසුව සැකසිතී මේ පිළිබඳ පෑලියගොඩ කොට්ඨාස අපරාධ අංශයට පැමිණිලි කර ඇත.
එම පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය ආරම්භකොට ඊසි කෑෂ් යොමු අංකයට අනුව කළ පරීක්ෂාවේදී  අනාවරණය වී ඇත්තේ එම මුදල් කුරුණෑගල ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයකින් එක්තරා පුද්ගලයකු ලබා ගත් බවටය.
පසුව එම මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියෙන් අදාළ තැනැත්තා සොයා ගෙන ඇති බවත්, මොහු වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයකු බවත් හෙළි වූ බව ‍පොලිසිය පවසයි. කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන  මොහු 41 හැවිරිදි එක්දරු පියෙකි.
මෙම ජාවාරමෙන් එම කල්ලිය රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදලක් උපයා ඇති බවත්, එම මුදල්වලින් මොහු වැලිකඩ බන්ධනාගාරයේ සිට මෙය මෙහෙයවා සිරකරුවන්ට එම මුදල් සහ  ජංගම දුරකථන හොර රහසේ බන්ධනාගාරය තුළට ගොස් දෙන බවද හෙළිවී ඇත.
මොහු මෙලෙස මරණ දණ්ඩනය හිමි වූ අපරාධකරුවන් තිදෙනකුට ජංගම  දුරකථන තිහක් පමණ හොර රහසේ දී ඇතැයි ද හෙළිවී තිබේ. ‍පොලිසිය මෙම ජාවාරමට භාවිත කළ ජංගම දුරකථන දෙකක් සහ රුපියල් විසිදහසක පමණ මුදලක් ද මොහු සන්තකයේ තිබි සොයාගෙන ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates