Pages

Subscribe:

Wednesday 17 February 2016

බලපිටිය අධිකරණය අසල වෙඩි වැදී පුද්ගලයෙකු මරුට

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටවෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදු කර පලා ගොස් තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වී තව පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත් වුයේ

කලත්ත ආරච්චිගේ පියරත්න යන කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු මිනිමැරුන් හා මංකොල්ලකෑම් ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකි. 2011.10.19 වන දින බෙන්තර අවන්හලකදී සම්පත් සමින්ද නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීමේ නඩු විභාගයක් සඳහා මොහු අද බෙන්තර මහේත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. අද දින නඩුව විභාගයට ගෙන අවසන් වූ පසු ඔහු නැවත යමින් සිටියදී උසාවිය ඉදිරිපිටදීම මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. වෙඩි තැබීම සිදු කල අය පලා ගොස් ඇති අතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

0 comments:

Post a Comment

 
Blogger Templates