Pages

Subscribe:

Friday 26 February 2016

හයෙන් පසු විදුලිය භාවිතය අඩු කරන්න

විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය විදුලි රැහැන් පද්ධතියේ ඊයේ හටගත් තාක්ෂණික දෝෂයක්  නිසා තවමත් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රියව පවතින බැවින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

ජනතාවගෙන් ඉල්ලා සිටියේ පස්වරු 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ වායුසමීකරණ, ශීතකරණ ආදිය භාවිතා කිරීම අවම කරන ලෙසයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවම වශයෙන් දින 3 ක කාලයක් ගතවන බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක විදුලි ධාරිතාවක් එක්කරනු ලබනවා.

දැනට එම විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රියව පවතින බවයි එහි ඉංජිනේරු අංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එය නැවත යථා තත්ත්වයට පත් කරන තුරු ඇතැම් විට හදිසි සුළු විදුලි බිඳ වැටීම් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ දිවයින පුරා පැය තුනකට ආසන්න කාලයක් පුරා සිදුවු විදුලි බිඳ වැටීමට හේතු වී ඇත්තේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොලොන්නාවට විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය විදුලි රැහැන් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක්.

මේ අතර දිවයින පුරා විදුලිය සැපයුම පැය 3 කට ආසන්න කාලයක් ඇණ හිටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා.

එහිදී විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සඳහන් කළේ අධිබලැති විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට වැදුණු අකුණු සැර හේතුවෙන් කිසිදු උපකරණයකට හානියක් සිදුවී නොමැති බවයි.

විදුලි බිඳ වැටීම පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමට පියවර ගත් බවයි විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී සඳහන් කළේ.

මේ අතර ඊයේ පැය තුනකට ආසන්න කාලයක් දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම හේතුවෙන් කොළඹ ඇතුලූ තදාසන්න නගරවල දැඩි රථවාහන තදබදයක්ද ඇතිවුණා.

ඒ, විදුලිය බිඳ වැටීමත් සමඟ මාර්ග සංඥා පද්ධති ක්‍රියාවිරහිත වීම හේතුවෙන්.

අද පැවති මාධ්‍ය හමුවට එක්වූ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතියෙන් බැහැරව මාර්ග සංඥා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩපිළිවෙලක් සකස් කරන බවයි.



නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමත් සමඟ පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එම කාලය තුළ වායු සමීකරණ සහ ශීතකරණ භාවිතයෙන් හැකිතාක් වළකින ලෙසයි එම මණ්ඩලය ඉල්ලීමක් කළේ.

ජාතික විදුලිබල පද්ධතියට නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 900 ක ධාරිතාවක් එක් කෙරෙනවා.

නැවත විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 3 ක කාලයක් ගතවනු ඇති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

0 comments:

Post a Comment

 
Blogger Templates