Pages

Subscribe:

Wednesday 17 February 2016

පක්‍ෂයෙන් යනවාද? ඉන්නවාද? තීරණය මහින්ද අතේ

පක්‍ෂයෙන් යනවාද නැත්නම් ඉන්නවාද යන දෙකෙන් එකක්‌ පිළිබඳව අවසන් තීරණය ගැනීමට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් පූර්ණ නිදහස ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම්

කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා  ඊයේ (16 දා) පැවසීය. වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද කීය.දැන දැන පක්‍ෂ විනය සහ ව්‍යවස්‌ථාව කඩකිරීම සමාව දිය නොහැකි බරපතළ වරදක්‌. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාව සහ පක්‍ෂයේ විනය නීති පිළිබඳව හිටපු සභාපති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින් දන්නවා. නමුත් එතුමා අද හැසිරෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අලුතෙන් බැදුණු සාමාජිකයකු ලෙසයි. මේ නිසා බණ්‌ඩාරනායක අගමැතිතුමා ආරම්භ කරපු වසර ගණනාවක්‌ මේ රට පාලනය කරපු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට විශාල හානියක්‌ සිදුවෙලා.
කිසිම කෙනෙක්‌ බලෙන් තියාගන්න අපිට අවශ්‍ය නැහැ. දූෂණ චෝදනා එල්ල වී ඇති අයට ඕනෑම වෙලාවක පක්‍ෂයෙන් යන්න පුළුවන්. ඒ සඳහා පක්‍ෂයේ දොරටු ඇර තිබෙනවා. පක්‍ෂය කඩන්න තැන් තැන්වල කුමන්ත්‍රණය කරන, රැස්‌වීම් තියන, මාධ්‍ය ඉදිරිපිට වීරයන් වගේ හැසිරෙන අයට විරුද්ධව පක්‍ෂයට ආදරය කරන ජනතාව දැන් නැගී සිටිනවා. යෑයි ද මහ ලේකම්වරයා පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates