Pages

Subscribe:

Saturday 20 February 2016

විමල් වීරවංශ ඇතුළු 7කට අධිකරණයේ පෙනී සිටින්නලූ

මහජනයාට දැඩි පීඩාවන අයුරින් ප්‍රධාන මාර්ගවල විරෝධතා ව්‍යාපාරයක්‌ පැවැත්වූ බවට චෝදනා එල්ලවී ඇති ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු හත්දෙනකුට ලබන මාර්තු 18 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා
නොතිසි යෑවීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19 දා) නියෝග කළේය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධතා දක්‌වමින් පසුගිය 6 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ හා හැව්ලොක්‌ මාවතේ පැවැත්වූ එම විරෝධතාව නිසා අධික වාහන තදබදයක්‌ ඇතිවී ජනතාවට දැඩි අපහසුතාවට පත්වීමට සිදුවූ බවත්, එහිදී නිසි බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කර ඇති බවත් පෙන්වා දෙමින් කුරුඳුවත්ත පොලිසිය බී වාර්තාවක්‌ මගින් දැක්‌වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
මංමාවත් පනත යටතේ ගොනුකර තිබූ එම බී වාර්තාවේ සෙසු සැකකරුවන් ලෙස ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විඡේනායක, මොහොමඩ් මුසම්මිල්, රොජර් සෙනෙවිරත්න හා දොන් ලුසියා නමැති හය දෙනා නම්කර තිබිණි.

0 comments:

Post a Comment

 
Blogger Templates